Wednesday, December 4, 2013

මහා බ්ලොග් සම්මාන උළෙල



දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

විශාල ශාලාව පඩිපෙල අසල, දෙදෙනෙක් රැඳී සිටී, තවත් සිකියුරිටි කාරයන් කීපදෙනෙකුට අමතරව වෙන කිසිවකු නැත.

දෙදෙනා රැඳි සිටින්නේ, පඩිපෙල කෙලවර සම්මන්ත්‍රණ ශාලාව පැත්තට වන්නය. එකෙක් කොටෙකි, අනෙකා සාමාන්‍ය උසක් ඇති එකෙකි.

තුවක්කුවක් කර තියා ගත්, සුදු ඇඳගත් මැදි වයසේ එකෙක්, තව කීප දෙනෙකුන් සමග වෙගයෙන් පඩි පෙලේ උඩට නගී.

කව්ද නලීන් කියන්නේ.

එයා එනකන් තමයි අපි දෙන්නත් බලාන ඉන්නේ.

බොරු කියන්න එපා කව්ද නලීන් කියන්නේ.

ඒක තමයි අයියේ කලින් කිව්වේ.

ඔයා කව්ද..? සරා ගොයියද..? මේ තුවක්කුවකුත් කරේ තියාගෙන..?

තුවක්කුවක්..... අඩෝ.... දැනගනින්, මේ ටී 56.., මම තමයි ජූලම්පිටියේ අමරේ..

අම්මට උඩු.... මේ ඔයාද....? ඉතින් කොහොමද මචං..

මචං, රෙද්ද මචං...., උඹ හිතුවද මම රෙස්ටුරන්ට් එකක් කියලා. සෑර් කියලා කතා කරපන්, උඹලට උපාධියක් තියෙනවද....?

මට නම් නෑ... මෙයාට තියෙනවා.... උස එකා, කොට එකා, පෙන්වමින් කියයි. සෑර්ට මොකක්ද තියෙන උපාධිය.

මට විතරක් නෙම්යි ඕයි.... මෙතන ඉන්න කීප දෙනෙකුටම උපාධි තියෙනවා. සමාජ විජ්ජාව හා අපරාධ පිළිබඳ.

එතකොට කව්ද නලීන්...?

එයාව තමයි අපිත් හොයන්නේ. ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ.

එතකොට උඹලා කව්ද....?

මම මාතලන්.... මේ වෙද මහත්තයා....

මොකා..... ඒයි මේ බලාපනකෝ මුන්ගේ නම්.

උඹ වෙද මහතයෙකුත් එක්කගෙන ආවේ... අම්බානක කෑවම, පත්තු බඳින්නද....?

අනෙක් උන් කොක් හඬලා සිනාසෙයි.

මෙහෙමයි ජූල් සෑර්.... අපි මෙතන මේ බ්ලොග් සම්මාන උළෙලක් තියනවා

උළෙලක් ..... කෝ ඔයි සෙනග.. තොපි දෙන්නටද සෙනග කියන්නේ.....?

අනේ සෑර්.....  අපිට අපේ වැඩේ කර ගන්න දෙන්න.... අපි මේකට අවසරත් අරගෙන තියෙන්නේ.. දෙන්නා බැගෑපත් වෙයි..

ඒක අපි දන්නවා ඩෝ. අපිව එව්වේ රාජ් මහත්තයා.. එයා කිව්වා, තමුසෙලට අවුලක් ආවොත්, පොඩ්ඩක් බලන්න කියලා.. ඒත් ඉතින් තමුසෙලා දෙන්නා ගහගන්නවා මිසක්.. මෙතන එකෙක්වත් නෑ නේ..

ඒකනේ සර්. බලන්නකො. එකෙක්වත් නෑ නේ. අපි හරි අමාරුවෙන් මේක සංවිධානය කර ගත්තේ.

මුන් පව් ඕයි..

මේකේ විනිස්ච මණ්ඩලේට එන්න කිව්වම, හැම එකාම කිව්වේ...., මණ්ඩලේ කචල් කරපු තමුසෙලගෙ ඒවට අපි එන්නේ නෑ ඔයි කියලා..

පව් ඕයි.. ඉතින්..?

ඉතින් අපිම තෝර ගත්තා..

මක්කුද....?

බ්ලොග් කාරයෝ....

අමරේ අයියා...... මාත් බ්ලොග් ගල් කපනවා.. එකෙක් ඉදිරියට එයි..

අපෝ නෑ නෑ.. මේ බ්ලොග් කියන්නේ..... සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..

අපි දන්න බොගක් නෑ. මක්කයි ඔය මල්ලේ තියෙන්නේ..?

ආ මේ සම්මානයි. සහතිකයි.. වව්චරුයි...

වර්චස්... ආ... රාජ් මහත්තයා කියපු එක හරි..... මුන් මේ වර්චස් දාන උන්ට දෙන සම්මාන වගයක්.. කැම්පස් වල ඉන්න තරමක් ඉන්නේ වර්චස් උන්ම තමා.. මටත් ඕකුන් පෙන්නන්න බෑ.....

නෑ නෑ පැම්පස් ඇඳපු, වර්චස් උන්ට විතරක් නෙමෙයි, අනික් චාටර් උන්ටත් දෙනවා..

එහනම් ඉතින් ඔය ටික මට දෙනවා.. අර බ්ලොග් ගල් හදන එකා ඉදිරියට විත් මල්ල ඇදීමට තැත් කරයි...

පිස්සුද....? එහෙම මේ බ්ලොග් ගල් හදන උන්ට මේවා දෙන්න බෑ.... මේකට පරිඝනක දැණුම ඇති විශේෂඥ්ඥයෙක් වෙන්න ඕන....

මෙන්න මෙහේ යන් බන් යන්න...... පිස්සෝ දෙන්නෙක්ද කොහෙද..... හරි පව් ඕයි...

මෙතන හිටියොත් මාත් නෝන්ඩි වෙනවා..

ඒ ඇයි අයියා ඒ... ?ගෝලයෙක් අසයි..

තව ටිකක් උන්නොත්, මටත් ඇඬෙනවා යකෝ... වරෙව් යන්න.. ආචාරය ජූලම්පිටියේ අමරේ ඇතුලු පිරිස පුක් මුහුණුවලින් යුතුව පඩිපෙල බැස යයි..

උස එකා හා කොට එකා මුහුණට මුහුණ බලාගනී...

ඒතරේ සිකුයුරිටි කාරයෝ හා පිරිසිඳු කරන කම්කරුවෝ පිරිසක් දෙදෙනා වට කර ගනී..

මාර වැඩේ නේ සෑර්.. එකෙක්වත් නෑ.. ඒ මදිවට තව ටිකෙන් නඩ යන්න කොටාබාන්න වෙනවනේ අරූගෙන්..

ඒක නෙමෙයි.... තමුසෙල අතරේ උපාධියක් තියෙන උන් ඉන්නවද..?

අපෝ ඔව් සෑර්.. මේක මේ පැන්ෂන් ජොබ් නේ.. අපි වැඩි හරියක් උපාධිධරි..

කියලා වැඩක් නෑ.. එහෙනම් ඔහෙලා බ්ලොග් එකක් පටන් ගන්නවා.. මෙන්න මේ සම්මානයි සහතිකයි ඔහේලම තියාගන්නවා.. මේ වව්චර් වලින් පොඩි උන්ට පොත් අරගෙන දෙනවා..

අපි යන් වෙද මහත්තයා යන්න.. හැම එකාටම එපානම් අපිටත් පාන්ද..

දැන් මාතලන් කොහෙද යන්නේ..?

මම යනවා ෂොට් එකක් ගහලා ..... තිස්ස රෙස්ට් එකෙන් නාලා ගෙදර යන්න.....

මේ නෑවා මදිද....? යං.... මාත් එනවා...

වෙද මහත්තයා බොන්නේ නෑ නේ....?

නෑ මාත් හිතුවා අද ඉඳලා බොන්න....

දෙදෙනා නික්ම යයි....
-x-

දිනය - ක්‍රිස්තු වර්ෂ 2016 ක් වූ දුරුතු මස 04 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2015 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

දෙදෙනෙක් ශාලාවේ දොරටුව අසල රැඳී සිටී..

අදත් කලින්ම ,ඩ්‍රින්ක් එකට සෙට් වෙන්න පුළුවන් වෙයි වගේ...බඩු හෑව් ඩිකියේ..

වෙද මහත්තයා මාතලන්ට කියයි..

-x-

වර්ෂ 2017

මාතලන්ගේ සින්ඩිය..

ඇත්තේ බ්ලොග් දෙකකි..

පැම්පස් සින්ඩිය..

කැළණිය යටතේ එකම එක බ්ලොග් අඩවියක් ඇත..



-x-

මේ ආරාධනය නියෝෆෝබියාවෙන් තොර උන්ට පමණයි

අළුතෙන් හිතන්න, අළුතෙන් ළියන්න ...

දාපු ගමන් බඩුම තමයි..

කැම්පස් යන අයට - කැම්පස් සින්ඩිය

අනෙක් අයට - පැම්පස් සින්ඩිය

නියෝෆෝබියා - අළුත් දේවලට ඇති බිය
Neophobia - Fear of new things

5 comments:

  1. හුම්ම්.... දැන් මේකයි බොලොක්කවල සිද්දිය ඈ ...... හරි පව් ඕයි.... බ්ලොග් කියවන අපිත් හරි පව් ඕයි... වෙද මහත්තය මහත්තය well come on board !!!

    ReplyDelete
  2. ඇත්තටම මට කැම්පස් යන එක නතර කරලා මේ බ්ලොග් කටුව අප්ඩේට් කොර කොරම ඉන්න හිතෙනවා මේක දැක්කම. මාතලන් ලොක්කා අපි දෙන්න කොහොම හරි නාමල් පොකුණද මොකක්ද හම්බන්තොට අටමගලේට එදාට යන් උදේම. හවසට බොන්න ෆ්‍රැක්ටිස් කොරන්නත් තියනවනේ. ඒක නෙමේ. කාර් කට්ට ට රථාචාරියෙකුත් ගෙනියමු. එද්දි ඒක දක්කන්න එකෙක් එපෑ. මාතර මහ ගෙදර නොගිහින් ඉමු. ආස්තැරිය පාරෙන්ම කොළඹ එමු. හෝගාන පොකුනෙන් නාමු.

    ReplyDelete
  3. මේ අංජනම බැලුවේ කවුද එතකොට?

    ReplyDelete
  4. එහෙනම් කරගෙන යමුකො වැඩේ අපිත් එන්නම්

    ReplyDelete
  5. අඩේ අප්පා.... එහෙමනම් වෙන එකක් නෑ.ඉංගිරිසියෙන් බී පොසිටිව්ද මොකක්ද කියන්නේ.. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ......ඒ කාලේ ඔය අමරෙලා නෑ,ලොක්ක උන්ව පැන්සන් යවනවලු

    ReplyDelete

Followers

Total Pageviews