Tuesday, January 14, 2014

බොගක් දාන්නේ කෙසේද...? මාතලන්ගේ බ්ලොග් පාඩම් - 1 කොටස


කළබල වෙන්න ඕනා නැතිය. මාතලන්, "බ්ලොග්" වලට කියන්නේ "බොග්" කියාය. පුවත් පත් වලට ලියනා බොහෝ දෙනෙකුට, බොගක් දමන්නෙයි කියා කිව්වාම, එයාලා කියන්නේ, හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියා දන්නේ නැතෙයි කියාය. ඒ නිසා බොගග් දාන්න කලින් හින්ගල අකුරු කොටන්නේ කොහොමද කියලා දැන ගන්නා එක හොඳය.

කොළඹ කැම්පස් එකේ, හින්ගල යුනිකෝඩ් පැකේජ ටික නැත්නම්, හින්ගල බ්ලොග් කියලා දෙයක් ඇත්තේත් නැතිය. බොග දාන ගොඩක් උන් පාවිච්චි කොරන්නේ, ඒයාලාගේ, හින්ගල වචනේ ඇහෙන විදියට, ඉන්ගිරිසියෙන් ටයිප් කොරාම වදිනා හැටි තියෙන පැකේජ් එකය. කොහොම නමුත්, හින්ගල බොගක් දානවානම්, ඉස් ඉස්සෙලාම තමන්ගේ ගොන් පීටරේ හින්ගල ඉන්ස්ටෝල් වෙලා තියෙන්න ඕනාය. එහෙම නැත්නම් ඉතින් හින්ගලෙන් ලිවිල්ල බොහෝම අමාරුය.

හින්ගල අකුරු පැකේජ ඕනා තරම් තිබුනත්, බොහෝ දෙනෙක් පාවිච්චි කොරන, "සියබස්" සිංහල යුන්කෝඩ් පැකේජ් එක දමා ගත්තාම, වැඩේ ලේසිය. ඒ සඳහා පහළ තියෙන ලින්ක් එක එබුවාම බඩු බනිස්ය..

http://www.siyabas.lk/sinhala_how_to_install.html

ලින්ක් එකට කෙටුවාම මේන් මේ වාගේ මෙව්වා එකක් එනවාය.


ඊට පස්සේ කොරන්න තියෙන්නේ, තමන්ගේ ගොන් පීටරේට ගැලපෙන පැකේජ් එක තොරාගෙන, බඩු බාගන්නා එකය. බාගන්නා ආකාරය පියවරෙන් පියවර එයාලා කියලා දෙනවාය.

බාගත්තා කියා, වැඩේ අහවර වෙන්නේ නැතිය. ඊළඟට අකුරු කොටන්න ඉගෙන ගන්න වෙනවාය. මේක එච්චර අමාරු වැඩක් නෙමේය. වචන දහයක් පහළොවක් කොටාගෙන යනකොට, ලියනවාට වඩා වේගෙන් වැඩේ කොරන්න පුළුවන් වෙනවාය. ඒකට කොරන්න තියෙන්නේ, පහළ තියෙන ලින්ක් එකෙන් "සින්ග්ලිෂ් ට්‍රාන්ස්ලිටරේසොන්" එක තිරේට දාගන්නා එකය. ඒක බුක් මාක් කොරලා තියා ගත්තාම, ඕන වෙලාවකට ආයෙත් කොටන්න ගන්න පුළුවන්ය.

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

ඒකට කෙටුවාම මේන් මෙහම මෙව්වා එකක් එනවාය.


හරි... දැන් තියෙන්නේ, කොටන්න පටන් ගන්නා එකය. ඕන එකෙක්, තමන්ට ආදරේ නිසා, තමන්ගේ නම ඉස්සෙල්ලාම කොටා ගත්තාම අහකය. උඩ කොටුවේ ඉන්ගිරිස් අකුරු වලින් "maathalan" කියා ගැහුවාම, එළකිරි වගේ, "මාතලන්" කියා යට කොටුවේ ඉබේම ටයිප් වෙනවාය. පට්ටම ආතල්ය.

ඊළඟට කොරන්න තියෙන්නේ පල්ලෙහා කොටුවේ දකුණු පැත්තේ යට තියෙන කොපි (Copy) බටන් එක ඔබා, වර්ඩ් ඩොකියුමන්ට් එකක පේස්ට් (Paste) කොර ගන්නා එකය. ඒ කියන්නේ අලවා ගන්නා එකය.

නොදන්නා අකුරක් තියෙනවානම් කොරන්න තියෙන්නේ, උඩ කොටුවේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙනා "Show Transliteration Scheme " කියන එක ඔබනා එකය. එතකොට හින්ගල හෝඩියේ තියෙනා අකුරු ඔක්කෝම කොටාගන්නේ කෙසේද කියා ඉතා පැහදිලිවම තියෙනවාය.


බ්ලොග් පෝස්ට් වල මේවා අලවන්නේ කොහොමද කියා හෙමිහිට කියලා දෙනවාය. එතකන් කොරන්න තියෙන්නේ, වෙන කොටනා වැඩ වලට තිත තබා, ඇට්ටි හැලනකන්, හින්ගලෙන් කොටන්නට පුරුදු වෙනා එකය.

බොග දාන්නේ කොහොමද කියා ඊළඟ එකෙන් කතා කරමු.

දෙවන කොටස >>>

80 comments:

  1. විජේසේකර යතුරු පුවරුවෙන් කෙලින්ම සිංහල කොටන එක ගැනත් කියලා දුන්නොත් නරකද මාතේ. කැම්පස් ළමයිනිට නෙමෙයි . ඌන දැනු මැත්තන්ට ඒක ලේසියි. ඇයි ටයිප් රයිටරෙන් විජේසේකර යතුරු පුවරැව පාවිච්චි කරපු ඇන්ටිලා අංකල්ලට

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙයක් ගැන මම කොහෙමෙයි බන් අනුන්ට කියලා දෙන්නේ..

      Delete
    2. සය්යෝ බොසා නොදන්න එක කවද්ද ලියන්න ඩිස්කොලිපිකේස් එකක් උනේ. බොසාටත් ටියුෂන් දෙන්න වෙලා නෙ. හොඳ ගුරෙක් ඉන්නවා අල්ලල දෙන්නද බොස්. නොදන්න ඕනෙ දෙයක් ගැන පොරි හැලෙන්න ලියන විදිය කියල දෙයි.

      Delete
  2. මමත් පාවිච්චි කරන්නේ විජේසේකර කී බෝඩ් සිස්ටම් එක. අනික ඉංග්‍රීසියෙන් සිංහල ටයිප් කරන එක මොකක්ද මොකක්ද වගේ.... ඩොහොම හොදයි මාතලන් A-Zකියලා දෙන්නයි හදන්නේ
    ...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සවිස්තරාත්ම ළිපියක් ලිව්වොත් මේකෙන් විතරක් නෙමෙයි, මාතලන් එකෙනුත් පබ්ලිෂ් කොරන්නම්..

      Delete
  3. ගොඩාක් ස්තුතියි මේ වැඩේ පටන් ගත්තාට. විජේසේකර යතුරු පුවරුව අපිට එච්චරම හුරු නෑ. ටිකක් වෙලා යනවා ටයිපි කරන්න. අපේ ගොඩාක් අය කොපි, පේස්ට් කිරීමට වඩා භාවිතා කරන්නේ රියල් ටයිම් සොෆ්ට් වෙයාර්. ගුගල් දෙයියා දෙන ඉන්පුට් ටුල් එක, පැන්සල වගේ ඒවා තමයි.

    ReplyDelete
    Replies
    1. මොන මළදානෙන් උනත් කමක් නෑ.. මව් භාෂාවෙන් ලියන්න කියන්න පුළුවන්නම්..

      Delete
  4. අපි විජේසේකරට

    ReplyDelete
    Replies
    1. නොදන්න උන්ට ඒක ටිකක් ග්‍රීක් වගේ නේද..?

      Delete
    2. එහෙම නෙමෙයි මාතේ

      අපි ලියන්නේ සිංහල බ්ලොග් එකක් නම් .

      අපෙ මව් භාශාව සිංහල නං ,

      ඒක කොටන්ඩ මොකටද ඉංගිරිසි ,

      මම නං හිතන්නේ කි බෝඩ් එකෙන් විජේසේකරය කොටන්ඩ බැරිකම මදිකමක් ,

      අනික මට හිතෙනවා හරියට සිංහල ලියන්ඩත් ඒක එක්තරා දුරකට අත්තේජනයක් සපයනවා කියලා .

      කාලය ඉතුරු කරගන්නත් පුලුවන් , මොකද වැරදි හදන්ඩ ඕනත් නැ . ඇලපිලි පාපිලි කොටාගනම යන්ඩ පුළුවන්.

      කී බෝඩ් එකේ අකුරු තියන තැන් හොයන්න බැරිනං.

      ඩෙක්ස්ටොප් එකකට සිංහල කී බෝඩ් කක් පාවිච්චි කරන්න පුළුවන්.

      ලැප් එකකට අකුර ලියාපු බපාඩි ස්ටිකර් කෑල්ලක් අලවාගත්ත හැකි.

      Delete
    3. දැන් මේ කොමෙන්ට් එකම කොච්චර සංකීර්නද.. මිනිස්සු සරළ වෙන්නයි ඕන. බුද්ධාගම මීට වඩා ජනප්‍රිය වෙනවා, පල්ලියේ ගීතිකා වගේ හින්ගලෙන් තිබුන නම්. පාලියෙන් තියෙන නිසා මෙළෝ එකෙකුට තේරෙන්නේ නෑ. මුකුත් නොදන්නා එකාට මම නම් හිතන්නේ සින්ග්ලීෂ් එක තමයි ලේසිම කියලා. මොකෝ හින්ගල කී බෝඩ් නෑ නේ මම දන්න තරමට. අනික ඒක ගත්තයි කියලා අනික් වැඩ ටික කර ගන්න බැරි වෙනවා නේ.. මම නම් කැමති සරළ, ලේසි පහසු දේවලට. එහෙම ඒවා තියෙද්දි මොකටද අමාරු දේ තෝරගන්නේ.

      ඒක දන්න එකා ඒකෙන් කෙටුවට කිසි අවුලක් නෑ. නලියා මට ඔය ගැන කිව්වා. ඒත් මම සින්ග්ලීෂ් වලට පුරුදු වෙලා ඉවරයි. අරක නිකං ග්‍රීක් වලටත් එහා වගෙයි.

      Delete
    4. බලන්ඩ උඩ තියන වැරදි , ඕක මම කෙටුවේ සයුර යුනිකෝඩ් කන්වර්ටරයෙන්

      මම බ්ලොග් ලියන්න පටන් ගන්නකොට , ඔය මොකක්වත් හරියට දන්නේ නැ , කොටින්ම පැනෙන් හරියට සිංහල අකුරු ලියාගන්ඩත් බැ ,

      විජේසේකරය නිසා මම දැන් ගොඩක් දුරට හරියට සිංහල අකුරු ලියනවා , පැනකින් කොලයක මම ලියන ඒවා කාටවත් කියවාගන්ඩ බෑ ,

      මට හිතෙනවා කම්පියුටර් එකක සිංහල භාෂාවෙන් වැඩ කරන්ඩ තියන හොදම ක්‍රමය තමයි විජේසේකරය ,

      තව ඉස්සරහට කොල වල ලිවිල්ල නැති වෙලාම යයි ,

      අනාගත පරපුර මෙහෙම සිංහල ලියන වෙනත් විකල්ප වලට යොමු කලොත් ඉක්මනටම සිංහල භාෂාව මල භාෂාවක් බවට පත්වෙයි .

      ඔය සමහරක් භාෂා තියෙන්නේ කතා කරාට ලියන්ඩ අකුරු නැති ,

      කොහොමද සිංහල අකුරු නැතුව සිංහල භාෂාව වෙනත් අකුරුවලින් ලියනකොට
      සනිපේ

      Delete
    5. සෑම දෙයක්ම අනිත්‍යයි කියලා ඉන්දියාවේ උපන් මුණුවරයෙක් කියලා තියෙනවා, හින්ගල භාෂාව හා ජාතියටත් ඒ සෙතේම තමයි කවදා හරි. උඹ කියන විදියට ලියන්න ගියානම්, අපි තාමත් ලියන්නේ අර පොළොන්නරුවේ සෙල්ලිපි වල තියෙන අකුරු. ඕනම දෙයක් දියුණුවත් එක්කම් සරළ වෙනවා. කොහොමත් අපේ කාලේදිම හින්ගල හැපිටල් අකුරු හැලිලා යයි. ඇස් ඇම් ඇස් වල තියෙන ඉන්ගිරිස් උනත් බොහොම සරළයි නේ. මේ පිලිබඳව විවාදයක් යනවා බුද්ධිමතුන් යැයි කියා ගන්නා එහෙත් බුද්ධිමතුන් නොවන පොරවල් අතර, "පට්ට" කියන වච්නය ගැන.

      Delete
    6. මේ යක්කුන්ට තේරෙන්නැති එක නේ අවුල.. උපදින කොටම විජේසේකර එක කරේ තියන් ඇවිත් එක පාරම කෙටුව වගේ නේ කතාව. සහෝදර වරුනි මුල අමතක කරන්න එපා කොයි තරං දුර ගියත්..

      Delete
    7. නැත නැත ඔය කියනාතරම් විජේසේකරය අමාරු නැත ඔය සින්ගිලිශ්වලින් කොටනවට වඩා ඒක ඇත්තටම සරලයි. උත්සාහ නොකර අමාරුයැයි කියන්න එපා. එය වැරදි පූර්වාදර්ශක් වේවි.

      ජය වේවා!!

      Delete
    8. හෙහ් හෙහ් දේසකයෝ මං නං මුල අමතක කරන්නේ නැ ඒකනේ තාම විජේසේකර

      Delete
    9. //අනික ඒක ගත්තයි කියලා අනික් වැඩ ටික කර ගන්න බැරි වෙනවා නේ.//

      එහෙම නැ මතලං ඉංගිරිසි කීබෝඩ් එකේ තියන එව්වා එහෙම්ම තියනවා , වෙනසකට තියෙන්නේ සිංහල අකුරුටිකත් තියන එක විතරයි.

      Delete
    10. විජේසේකර කී බෝර්ඩ් කියන්නෙ වෙනම ගන්න ඕනෙ එකක්ද? නැත්නම් අර කීබෝර්ඩ් සොෆ්ට්වෙයාර් එකක් ද?

      Delete
    11. @ අටම්

      එහෙනම් ඉතින් අවුලක් නෑ.. වැඩේ ලේසිම ලේසියිනේ..

      Delete
  5. මාතලං හරි මේක තමා ආරම්භය.. හරියට හරි..

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි මාතලන් අයියෙ. ඉස්සරහට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වගේ. මාත් පාවිච්චි කරන්නෙ ඔය ක්‍රමේ තමා. ෆෝන් එකෙන් SMS එකක් ටයිප් කරනවා කියලා හිතන් ටයිප් කරන් ගියාම වැඩේ ගොඩ.

    මේ කොටන්න පුරුදු වෙනකම් අනිත් කොටන ඔක්කොම නවත්තන්නම් ඕනද? (පිටි වගේ දේවල්. :-D )

    ReplyDelete
    Replies
    1. පිටි ටිකක් කොටලා දුන්නට අවුලක් නෑ. නැත්නම් ඉතින් ගෙදර ඉන්න හම්බ වෙන එකක් නෑ නේ..

      Delete
  7. යුනිටි ප්ලාසා වැනි තැන්වල විජේසේකර අකුරු සහිත කී බෝඩ් විකිණීමට තියෙනවා. මං දෙකක්ම අරං එකක් විජේසේකරියකට දුන්නා.

    මං නං කොටන්නේ 2005 පමණ සිට කොටන පරිදිම කපුටා ඩොට් කොම් අකුරුවලින්. කොළඹ කැම්පස් කන්වර්ටර් එකෙන් පරිවර්තනය කර ගන්නවා.

    ඛෙටි කමෙන්ටු හැර අනිත් කතන්දර කොටන්නේ වර්ඩ් වලයි. එවිට ඒවා පසුව අවශ්‍ය පරිදි ෆොන්ට් මාස්ටර්වලටත් හරවා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ලෝබ නැතුව මේ සියල්ල මට කියලා දුන්නේ කතා තමයි, ඒවා මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ වගේම අනික් අයටත් මෙතනින් යමක් ගන්න පුළුවන්නේ අවශ්‍යම නම්.

      Delete
    2. NODANNA AYATA BOGAK KOTANA HATI KIYA DEEMA ITHAMA WEDAGATHYA. BOGA ARINA WUN CHOO, PADA ARINAWA MISA BOA DANA HATI KIYA DENNE NATHA.

      Delete
  8. මම Office එකේ භාවිතා කරන්නෙ විජේසේකර කීබෝඩ් එක..ඒත් බ්ලොග් වලට UCSC converter එක ...මට නම් ඒක තමයි ලේසිම.....කිසි කරදරයක් නෑ...මමත් හිතන්නෙ අලුත් අයට UCSC converter භාවිතා කරන එක තමයි පහසු.....ඒත් wijesekara keyboard ඉගෙන ගත්තොත් Office වලදි පහසුයි....ගොඩක් තැන්වල "තිබස්" නෙ තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා මේ සඳහන් කරපු එක තමයි ලේසිම කියලා.

      ඔෆීස් වල බ්ලොග් ලියන එක නම් මම කීයටවත් අනුමත කරන්නේ නෑ.. ඒකත් අපේ ජාතියේ පරිහානියට හේතුවක්..

      කියෙව්වට නම් අවුලක් නෑ..

      Delete
  9. ලොකු හයියක් අයියේ......මේකෙ ලින්ක් එක යවන්න ඕන කරන කීපදෙනෙක්ම ඉන්නවා.විජේසේකර එක බෑගගග කියාගත්තු උන් වගයක්

    ReplyDelete
    Replies
    1. මමත් ලියන්නේ ඒ අය ටාගට් කරලා.. විජේසේකර අඳුනනවනම් ඒක ළොකු දෙයක්..

      Delete
  10. "පැන්සල" කියන එකත් ගොඩක් හොදයි මාතලන් http://www.serandibsoft.com/pencil---350835363505353035233517.html

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. මම දැන ගත්තෙත් අදයි..

      Delete
    2. මෙය සොයා ගත්තවුන්ට පින් සිදු වේවා ..

      Delete
  11. කට්ටියම මේ කී බෝර්ඩ් එක අල්ලාගෙන ඉන්න හින්දා ආයේ මොකටද මමත් වෙන එකක් ගැන කියන්නේ. යුනිකෝඩ් ගැන දැන ගන්න කලින් මමත් කාලයක් විජේසේරකර ඉගෙන ගත්තා. අර යාන්තමට ටච් ටයිපින් කියන මට්ටමට. ඒත් අනිත් තුන්සිය හැට පස් දවසෙම අපි ගහන්නේ යුනිකෝඩ් වලින්නේ. වැඩිපුරම බුකියේ ඉද්දි සිංහලෙන් කොටන කොට කොහොමත් ඉතින් සිංග්ලිෂ් එකම තමයි. ඒ හින්දා අලුතෙන් එන සේරටම ඒක පුළුවන් අවුලක් නැතුව. එතකොට පස්සේ කලෙක ඕනේ නම් විජේසේකර ඉගෙන ගන්නත් බැරිය.

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා මෙළෝ හසරක් නොදන්නා එකෙකුට මේ තරම් පහසු වෙනත් දෙයක් නෑ කියලා..

      Delete
  12. මුදල් නොගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි. බ්ලොග් ලොවට අලුතින් පැමිණෙන හුදී ජන හිත සුව පිණිසමය http://www.ape-ambalama.blogspot.com/2012/05/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. එළකිරි (ජලය මුසු නොවූ)

      Delete
  13. අටම කියනව වගේ විජෙසේකරයෙන් කෙටුවොත් අකුරු ගැන හොඳ අවබොධයක් එනව කියල මාත් හිතනව. හැබැයි පඩය වගෙ කියෙව්වට මාත් කොටන්නෙ සින්ග්ලිශ් තමයි.. :)

    ReplyDelete
    Replies
    1. ඔය හාමුදුරුවරුත් එහෙමනේ. අනුන්ට බන දෙසුවට. එයාලා බන තලනවා..

      Delete
  14. මම නම් ගු-ගල් දෙයියගේ උපකරණය තමයි පාවිච්චි කරන්නේ කොම්පිතරේදී නම්. එත් මුලින්ම පාවිච්චි කලේ විජේසේකරේ. එක ලේසි ගුගලේට වඩා. සමහර වෙලාවට android ෆෝන් කට්ටේ හෙලකුරු යතුරු පුවරුවෙන් නොට් app එකක ටික ටික කොටන පොස්ටුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මේ අදහස් ඔක්කෝම අලුතෙන් එන එකෙකුට සෑහෙන වටිනවා..

      Delete
  15. මාතලන් පෝස්ටුව හොඳයි ... ඉදිරියේදී අනික් දේවල් කරන හැටි ගැනත් ලියන්න ඉඩ ඇති විදිහට...

    සිංහල ටයිප් කිරීම සඳහා google IME තමයි මම පාවිච්චි කරන්නේ... කැමති අය ගිහින් බලන්න ටිකක්

    http://www.google.com/intl/si/inputtools/try/




    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කස්ටියට තව එකක්.. දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ පලු යන්න..

      Delete
  16. මේ මේ කට්ටියම පොඩ්ඩක් බොග දාන්නැතුව හිටපල්ලකො මාතලන්ට වැඩේ කරන්න දීල. ඒක නෙමේ මාතයිය

    ‘‘සෑම දෙයක්ම අනිත්‍යයි කියලා ඉන්දියාවේ උපන් මුණුවරයෙක් කියලා තියෙනවා,‘‘

    ඇත්තටම දන්නැද්ද මෙහෙම කියල තියෙන්නෙ කවුද කියල.

    ReplyDelete
  17. මේක මේ සින්ඩියේ වියතක් වත් පළල නැති තීරුවේ දානවට වඩා හොඳ නැද්ද එක්කෝ වෙනම පේජ් එකක් විදිහට බ්ලොගයට දාන එක, මොකද කාට හරි බලන්න ඕනෙ උණාම හොය හොය මහන්සි වෙන්න ඕනෙ නෑනෙ.

    මගේ පාවිච්චිය කොළඹ කැම්පස් එකේ 'යුනිකෝඩ් එසැණ පරිවර්තකය'.

    ReplyDelete
    Replies
    1. තව එකක් මාතලන්... උඹට උඹේ බ්ලොගයේ ඕනෑම දෙයක් දාන්න ඇති අයිතිය පිළිඅරගෙන, මටත් ඒ ගැන මගේ අදහස් ප්‍රකාශ කරන්න තියන මගේ අයිතිය පාවිච්චි කරලා, උඹ දීලා තියන ඉඩ කඩේ මේක කියන්නේ :)

      ඇයි මේ උඩම පින්තූරේ පාවිච්චි කලේ? මට නම් හිතෙන්නේ ඒකෙන් වෙන්නෙ මේ තොරතුරෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකෙක් හරි අඩු වෙන එක. කාර්යාල වල හරි පොදු ස්ථාන වලදි හරි මේ වගේ පින්තූරෙකින් මේ ලිපිය කියවන කෙනා අපහසුවට පත්වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ වගේම ටිකක් පොඩි එකෙකුට හෝ වැඩිහිටියෙකුට මෙන්න මේක බලන්න කියලා කියන්න අපහසුයි.

      Delete
    2. මේවට තමා මාකටින් කියන්නේ. ඉස්කෝල ඉස්සරහා මෙහෙම බෝඩ් ගහලා තියෙනවනම්, මම ඒක පාවිච්චි කිරීමේ වරදක් නෑ නේ. කාරයාලවල මේ පින්තූරේ බලන්න බැරිනම්, ඒක මොන්ටිසෝරියක් හරි දහම් පාසලක් වෙන්න ඕන. කාර්යාලයක් වෙන්න බෑ. මීට එහා ඒවා බලන්නේ කාර්යාලවල. අපි මේවට හුරු වෙන්න ඕන. මම කරන්නේ ඒකයි.

      Delete
  18. ඉතාම හොද විස්තරයක්,, අපි දැන් ලියන නිසා මේකේ අපි කොමෙන්ට් කරලා හොදයි කියලා අත පිහදගෙන හරියන්නේ නැහැ,, අපේ යාළුවන් වත් දැනුවත් කරන්න එයාලට ලින්ක් යවමු.. ඔන්න මං තුන් දෙනෙක්ට දීලා බ්ලොග් හදන්න කියාදුන්නා අද.. ෆොටෝ එක නිසා උන් තුන් දෙනාම උවමනාවෙන් බලන්න ඇති .. හි හි ඉතාම හොද වැඩක්

    ReplyDelete
    Replies
    1. හැංගිච්ච ටැලන්ට් තව කොච්චර නම් ඇද්ද...?

      Delete
  19. සිංහල කෙටීම සඳහා පහසු ක්‍රම පිලිවල ගත්තොත්
    1 විජේසේකර් ක්‍රමය.
    2 ගුගල් ට්‍රාන්ස්ලිටරේශන්.
    3 අනෙක් ක්‍රම.
    වාද අවශ්‍ය නම් එකින් එක පැහැදිලි කරන්නම්. ඉගෙනගන්න විජේසේකර් ක්‍රමය ටිකක් අමාරු තමයි නමුත් වේගය වැඩියි. යමක් කාර්යක්ෂමව කරන්න නම් ඉගෙන ගන්න පහසු ක්‍රමයට වඩා තැන දෙන්න ඕන වැඩ කරන්න පහසු ක්‍රමය. ඔබ සඳහන් ක්‍රමයට වඩා ගුගල් ට්‍රාන්ස්ලිටරේශන් පහසුයි. නමුත් සුළු දෝෂ තියනවා. අවශ්‍ය නම් මම බ්ලොග් ලිපියකින් මේ සියලු දේ පැහැදිලි කරන්නම්.

    ReplyDelete
  20. මාතලන්, සිංහල යුනිකෝඩ් පරිගණකයේ ස්ථාපිත කරගත්තට පස්සේ ට්‍රාන්ස්ලේටර් මොකට පාවිච්චි කරනවද? Control Panel එකෙන් Text Services and Input language වල Sinhala Key Board එක Install කලාම පට්ට ලේසියි.

    ReplyDelete
    Replies
    1. අළුත් එකෙකුට ඒ දේවල් මහප්‍රාණ..

      Delete
  21. මාතේ
    මම ගොඩක් වෙලාවට සිංහල කොටන්නේ ජංගමෙන්..
    තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් නං google - play store එකට ගිහින්

    " හෙලකුරු සිංහල ඉන්පුට් "

    කියන ඇප් එක බාගන්ඩ.. කෙලින්ම උපදෙස් ඒකෙ තියේ ඉදිරියට යන්න.
    අන්තිමේ කීබෝඩ් එකේ එනවා ( a>අ ) කියල අයිකන් එකක්. සිංහල ඉන්ග්‍රීසි පටස් ගාල ඒකෙන් මාරුකෙරුවහැකි !!
    කොපි පේස්ට් ඕනෙම නෑ !!!!!!

    බ්ලොග් ලියන්ඩ පුලුවන් ඇති මං හිතන්නෙ කකා පාවිච්චි කරනවා ඒක. කමෙන්ට් නං ඉතිං කෙටුවහැකි
    පො‍රි හැලෙන්ඩ .. මෙ කොටන්නෙත් ඒකෙං !!!

    කකා ලින්ක් එක පොඩ්ඩක් දාන්ඩ පුලුවන්නං ..

    ReplyDelete
    Replies
    1. මාත් හෙලකුරු වලින් තමයි ෆෝන් එකෙන් ටයිප් කරන්නේ ,,පත්තර මල්ලි, බ්ලොග් වලට ෆෝන් එකෙන් කොමෙන්ට් කරන්න බැහැනේ ,, දන්නවා නම් මට කියාදෙන්න , pegusus2om@gmail.com එකට හරි මෙතන කොමෙන්ට් එකකින් හරි

      Delete
    2. මෙතනම කියන්නං තව එකෙකුටත් ඉගනගන්න පුලුවන්නේ එතකොට !!

      මොබයිල් එකෙන් බ්ලොග් පේජ් එකට ලොග් වෙන්න..එතකොට කෙලින්ම ලෝඩ් වෙන්නෙ මොබයිල් වර්ෂන් බ්ලොග් පේජ් එකට !!

      (වැල් වටාරං බැනර් විජට් මොකුත්ම නෑ පට්ට ස්පීඩ්)

      ඊට පස්සෙ පහලට ගිහින් ඇඩ් කමෙන්ට් කියන තැන කමෙන්ට් එක කොටලා ( කීබෝඩ් එකේ සිංහල බට්න් එක ටික් කරලා ) පබ්ලිශ් කරහං එච්චරයි !! ඇති දෙයක් නෑ !!!!

      සාධාරනව බලල කීයක් හරි දෙන්න ගානක් කියන එක හරි නෑ නොවැ : D


      Delete
    3. මගේ එහෙම එන්නේ නැහැ මල්ලි..කියවන්න පුළුවන්,, ටයිප් කලාට කොමෙන්ට් එක පෝස්ට් වෙන්නේ නැහැ

      Delete
    4. හෑ ??? මාර වැඩක්නේ !!
      ෆෝන් සෙටිංස් වල ලැන්වේජ් ඇන්ඩ් ඉන්පුට් වල හෙලකුරු කියන එකට තියන ඒවට අමතරව ටික් එකක් දාන්න ..
      ඊට පස්සෙ හෙලකුරු වල සැකසුම් ගිහින් කියන එකේ
      පොප් අප් ඔන් කීප්‍රෙස් / ටෙක්ස්ට් ප්‍රිවීව් බාර් කියන දෙකටත් ටික් දාල රිස්ටාට් කරල බලන්න අක්කෙ !!
      එතනින් එහාට නං මට කියල දෙන්න දන්නෙ නෑනෙ ..

      Delete
    5. මන් හෙලකුරු දාගෙන තියෙන්නේ ,fb ටයිප් කරන්නෙත් එහෙම,, මට කොමෙන්ට් කරන්න බැහැ බ්ලොග් වලට

      Delete
    6. ඒකට දෙයක් කියන්න නං දැනුමක් මට නෑ අක්කේ !!
      දන්න කෙනෙක් මේක දැක්කොත් කියලා දෙයි !!

      Delete
    7. ඕං බලහන්කෝ මේ පන්තියේ වැදගත්කොම. දැන් ඉතින් ෆෝන් වලින් පෝන් බලන එක නවත්තලා දාලා. ඒකෙත් හින්ගල කොටන එකයි තියෙන්නේ. පොරි හැලෙන්නම.

      Delete
    8. thanks පත්තර මුන්නෝ ..
      මාතලන් @ ඔව් දැන් පෝන් බලන්නේ ලැප් එකෙන් ;D

      Delete
  22. මම නම් සිංහල අකුරු අතින් ලියන්න දන්න කෙනෙක් නෙමෙයි. මුල් කාලේ මම භාවිතා කලේ මාතලන් කියන කන්වර්ටර් එක. පස්සේ කාලේ අපේ පහන් (http://si.hathmaluwa.org/) QSfox හදලා මට කියලා දුන්නා. web page එකේම ඉඳන් සිංහල ලියන්න. chrome වලටත් පහන් Qschrome හදලා තිබුනා. ඒත් මම ගොඩාක් ම firefox භාවිතා කරන නිසා මම තවම QSfox. easy and soft.
    විජේසේකර මම හිතන්නේ අපි වගේ අයට අමාරුයි. ඒකට සිංහල අකුරු හඳුන ගන්නම ඕනේ.
    ධනික ගේ හෙළකුරු මොබයිල් ඇප් එකත් සෑහෙන්න අය භාවිතා කරනවා.

    ReplyDelete
    Replies
    1. QSFox කියන්නේ AddOn එකක්

      Delete
    2. ඔය තියෙන්නේ තව එකක්. මොකෙන් හරි කොටන්නයි මචෝ අවශ්‍ය..

      Delete
  23. සුපිරි සහෝ

    මම නම් පාවිච්චි කරන්නේ ගූගල් ඉන්පුට් ටුල්ස් ගූගල් ඉන්පුට් ටුල්ස්
    shift + alt ගැහුව ඔනා තැනක කෙටුව sms කොටන විදියටම...

    ReplyDelete
  24. මම දන්නා එකම කෙටිල්ල මාතලන් කියා දුන් කලම්බු කැම්පස් කෙටිල්ලය. ඒකට කෙටුවොත් තව එහෙකට කොටන්න හිතෙන්නම නැති තරම්ය. ඒ තරමටම මේ කෙටිල්ල සැපය. එකම අවුලකට තියෙන්නේ හෙන්‍රි කියා කෙටෙන්නේ මෙහෙමය.

    හරි විදිහට බොගක් දාන හැටි මුලින්ම කියා දුන්නේ අම්මාය. මෙච්චර ලොකු වෙලත් තාම බොග දාන හැටි කියා දෙන උඹට.... බොග් දාන්න ටොයිලට් හොයන එවුන්ගේ ප්‍රණාමය!!

    ReplyDelete
  25. මෙන්න මගෙන බොට ප්‍රමාණය...ප්‍රණාමය..!

    සත්තකින්ම මේ වගේ පෝස්ට් තිබුන්නැත්තං වීයාත් නැත. එනිසා මෙලෙස දැනුවත් කිරීම අගය කල යුතුයි. තවත් පිරිසක් බ්ලොග් ලෝකෙට ඒවි.

    ආ....මම නම් කොටන්නේ සිංග්‍රීසි වලින්ය.

    ReplyDelete
  26. සිංග්‍රීසි (Singreesi) සොෆ්ට්වෙයා එකත් සෑහෙන්න ලේසි සිංහල කොටන්න. නිකම්ම නිකං කොටාගෙන කොටාගෙන යන්න තියෙන්නේ... මොන්ටිසෝරි පොඩි එවුන්ට උණත් ගොනාට වගේ තේරෙනවා. :) ඕනි අය බාගෙන බලන්න.

    01. saagaraya.blogspot.com/2011/08/singreesi-unicode-18.html

    02. http://singreesi.software.informer.com/1.8/

    ReplyDelete
  27. මමත් ආවා රිවිෂන් ... කාලෙකින් බොග් බලන්න එන්න බැරිවුනා.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. බ්ලොග් ලියන එකෙක් ඌට කොමෙන්ට් නැතිනිසා ලියන එක නවත්තන්න හදනවා . පොඩ්ඩක් ඌට පොඩි උපදෙසක් දෙනවද .http://nimmnaya.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
  30. අටම හන්තාන පාවිච්චි කොරල හොදටම නරක් වෙලා

    මටත් තියනව ගැටලුවක්, බලාන යනකොට බොග දාන අය ගොඩක් පාවිච්චි කොරන්නෙ කන්වර්ට් කරපු සිංහල. ඇයි ඒ. එහෙනම් මොකටද ඔය හෙලබස පැකේජ් එක දාන්නෙ, සිංහල කියවන්න නම් හෙලබස ඕන වෙන්නෙ නෑ, ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එකේ සිංහල කෝමත් පේනව, එහෙම නැත්නම් ඉස්කෝලෙ පොත වගේ යුනිකෝඩ් ෆොන්ට් එකක් දැම්මම හරි. හෙලබස පැකේජ් එකෙන් පහසුවෙන් සිංහල, ඉංග්‍රීසි අතර මාරු වෙන්න පුලුවන්, අනික කන්වර්ට් කරන්න ගිහාම එක සිංහල අකුරට කී දෙක තුනක් ඔබන්න වෙනව. ඒත් ඔය හෙලබස දාල ඉන්න කට්ටිය Shift + alt එකයි ඔබල බලන්න. පට පට ගාල ටයිෆ් කරතැහැකි. දවස් දෙකක් යයි පුරුදු වෙන්න. ලිනක්ස් උබුන්ටු පාවිච්චි කරන අයටත් පුලුවන්.

    මාතලන් වැඩේ නම් සුපිරි. ශෙයා පාරක් දාන්නම්කො බුකියට.

    ReplyDelete
    Replies
    1. හෙල බස වගේම මාතලන් කිව්ව සියබස් පැකේජ් එකටත් මගෙ කතාව අදාලයි

      Delete
  31. මමනං ඔය එසැනින් කොන්වර්ටර් භාවිතා කර නැ. අවුරුදු ගානක් ටයිප් කරපු එකේ පුරුද්දට යුනිකෝඩ් ඉන්ස්ටෝල් කළාට පස්සෙ විජේසේකර එකෙන් ටයිප් කරන එක ලේසියි.
    අවුලකට තියෙන්නෙ TT ෆොන්ට් වලින් ටයිප් කරනකොට තියෙන Alt එකත් එක්ක ඉලක්කං හතරක් ඔබන්න තියෙන එක සමහර වෙලාවට මේකත් එක්ක පැටලෙන එකයි.

    ReplyDelete
  32. විජේසේකර කීබෝඩ් එක පාවිච්චි කරන්න පුරුදු වෙන එකේ ලොකුම වාසිය තමයි ආයෙ සිංහල ගහන්න වෙන වෙන තර්ඩ් පාටි ටූල් හොය හොය ඉන්න උවමනාවක් නැතිවීම. “සියබස්“ එකෙන් යුනිකෝඩ් පැකේජ් එක ඉන්ස්ටෝල් කරගත්ත ගමන්ම විජේසේකර දන්නවනං ආයෙ වෙන වෙන ටූල් වල ගණං බලන්න ඕනෙ නෑ කෙලින්ම ටයිප් කරතෑකි.

    ReplyDelete
  33. මොකක්ද මේ "බොක" ?

    ReplyDelete

Followers

Total Pageviews