Saturday, March 15, 2014

බොගේ පෝස්ට් දැමීම...7 කොටස..


6 වන පාඩම,

බ්ලොග් පාඩම් මාලාවෙන් ඉගෙන ගත්ත උන්, බොග දාන්න පටන් ගත්ත එක ගැන තියෙන්නේ පුදුමාකාර නිහතමානී ආඩම්බරයක්ය. "අටමා" අහලා තිබුනේ, ඉතුරු කොටස කෝ කියාය. ඒ නිසා ඔක්කෝම වැඩ නවත්වා, බිග් මැච් එකත් අත ඇරලා දමා, අද කියලා දෙන්න යන්නේ පෝස්ට් එකක් දානා ආකාරයය. මෙතනින් පාඩම් වැඩේ අහවරය.

ඉස්සෙල්ලාම කොරන්න ඕනා බ්ලොගර් සෙටින් වලට යන එකය.. එහෙම ගියාම එන්නේ මෙන්න මේ වගේ එකක් කියා කාටත් මතකය..


එහෙම ආවම කොරන්න තියෙන්නේ, ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන, පැන්සලක් තියෙන තැබිලි පාට කොටුවට, මීයාගෙන් ඇදලා අරින එකය. එහෙම කෙලලා ඇරියාම මේන් මේ වගේ මෙව්වා එකක් එනවාය.


ඒකේ උඩින් පෙන්නලා තියෙන, රතු ඊතලයෙන් පෙන්නනා කොටුවේ පෝස්ට් එකේ මාත්තුරුකාව හෙවත්, හෙඩිම දාන්න ඕනය. මේක ඉස්සෙල්ලාම කොරනා එක කොහොමත් හොඳය. මොකෝ සම හරක් හෙඩිමක් නැතුව පෝස්ට් දාලා තියෙනවා, ඔහේලාත් දැකලා ඇතිය.

ඊළඟ පහළ රතු ඊතලෙන් පෙන්නලා තියෙන රවුම් කොටසේ තියෙන්නේ, පොස්ට් එකක් හැඩ වැඩ කොට, නියමාකාරයෙන් ඉදිරිපත් කිරීමට උදව් වෙන බටන් බොත්තන්ය..


ඊළඟට කොරන්න තියෙන්නේ, කොහේ හරි කොටාගන්නා හින්ගල අකුරු, මෙතැනට ගෙනත් ඔය කොළපාට කොටුවේ අලව (Paste) ගන්නා එකය. මේ වැඩේ, ඡේදයෙන් ඡේදය ලියා, ගෙනත් අලවනවානම් වැඩේ ගොඩාක් ලේසී වෙනවාය. කෙලින්ම මෙතන හින්ගල අකුරු කොටන්න දන්නා අයට මේ සෙල්ලම් ඕනා නැතිය. ඒත් ඉතින් මහාචාර්ය තුමා වගේ, සම හරක්ට කොරන්න වෙන්නේ අර මම කලින් කිව්වා වූ මැතඩ් එකමය.


මේ පෙන්නලා තියෙන්නේ එහෙම අමාරුවෙන් ලියාගෙන පෝස්ට් කොරන්න යන ළිපියට, හැඩ වැඩ දාලා තියෙන ආකාරයය. තමන්ගේ බොග ලෝඩ් උන ගමන්, මහාචාර්ය තුමාගේ බොගේ වගේ, පෝස්ට් කීපයක් පෙන්වනවා නම්, පේජ් බ්‍රේක් (Page Break) එකක් එහෙම නැතිනම්, පිටු කැඩීමක් කර ගන්නට ඕනා නම් කොරන්න තියෙන්නේ, බ්‍රේක් (Break) එක දෙන්න ඕන තැනට ගොස්, ඔය රතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන බටන් බොත්තම ඔබනා එක විතරය. ඊට පස්සේ පේජ් බ්‍රේක් එක තියෙන තැන, ඔය කොළ පාට ඊතලෙන් පෙන්නලා තියෙනවා වාගේ ඉරකින් පෙන්නනවාය.

සින්දුවක් කවියක් වගේ ලියනා කොට අකුරු ළොකුවට (Large) ඉතාලි කොරමේට ඇදකොට (Italy) , අකුරු බෝල කොට (Bold) දැම්මාම, බොහෝම අපූරුවට පේනවාය.. බලන කෙනෙකුට උනත් ප්‍රියයිය...

ඊළඟට කියලා දෙන්න යන්නේ, පින්තූරයක් අලවන හැටිය. මේක බොහෝම වැදගත්ය. මොකෝ සින්ඩිවල, එක එකාගේ බ්ලොග් රෝල් වල, තමන්ගේ බ්ලොග් එකේ තියෙන පින්තූරේ පෙන්වනවාය. එහෙම පෙන්වන්න නම්, කොහේවත් තියෙන පින්තූරයක් ගෙනත්, පෝස්ට් එකේ ඇලෙව්වට (Copy and Paste) වැඩක් නැතිය.... අර උඩ තියෙන බටන් බොත්තම් ගොඩේ, පේජ් බ්‍රේක් (Page Break) බටන් බොත්තමට, බටන් දෙකක් වම් පැත්තේ තියෙන පින්තූර (Picture) බටන් බොත්තම ඔබන්න ඕනය......


ඒක එබූවාම, ඔය නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන, චූස් ෆයිල් (Choose File) කියන බටන් බොත්තම ඔබලා, කොහේ හරි තියෙන පොටෝ එකක් අප්ලෝඩ් (Upload) කර ගන්න ඕනාය. ලේසිම ක්‍රමේ, තමන්ගේ පින්තූර ෆෝල්ඩර් එකේ තියෙන පින්තූරයක්, රතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන තැන පෙන්වා තියෙන අප්ලෝඩ් (Upload) කර ගන්නා එකය. එහෙම ගත්තාම, පින්තූරේ තැඹිලි පාට ඊතලෙන් පෙන්නලා තියෙන ආකාරයට පෙන්වනවාය.. ඊට පස්සේ මීයගෙන් පින්තූරෙට කොටලා සිලෙක්ට් කොරගෙන, කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන ඇඩ් සිලෙක්ටඩ් (Add Selected) බටන් බොත්තම ඔබාලා දාන්න ඕනාය..


ඊට පස්සේ පින්තූරේ උඩ මීයා එබුවාම, ඔය රතු ඊතලෙන් පෙන්නලා තියෙන ආකාරයට පෙන්නනවාය.. සමාන්‍යයෙන් පින්තූරේ එන්නේ මධ්‍යම (Medium) ප්‍රමාණයෙන්ය. ඒත් බ්ලොග් එකට මැච් වෙන්න නම්, ලොකු (Large) කර ගන්න වෙනවාය.. මේ තියෙන්නේ එහෙම ලොකු (Large) කියන කැටගරියට දාගත්තාම පේන ආකාරය.


එකේ කහ පාට ඊතලෙන් පෙන්වලා තියෙන්නේ, පෝස්ට් එක වර්ගීකරණයකට, එහෙම නැත්නම් ලේබල් (Label)  ගත කරන හැටි.. මේ ලේබල් තමන් කැමති ආකාරයට දා ගන්න පුළුවන්ය, ඒක පස්සේ කාලේ පෝස්ට් එකක් හොයාගන්න ගියාම බොහෝම ලේසියිය.

ඔය "කතන්දර" උන්නැහේ එක පෝස්ට් එකක, ලින්ක් දෙසීයක් තුන්සීයක් දාන්නේ එහෙමය.. මේ ලින්ක් දැමිල්ලත් මහ ළොකු දෙයක් නෙමෙයිය.. තමන්ට අවශ්‍ය වචනය හයිලයිට් කොරලා, "Link" කියන බටන් බොත්තම ඔබලා, වෙබ් ඇඩ්‍රස් එක දුන්නාම වැඩේ අහවරය...


ඔය රතු ඊතලෙන් පෙන්නලා තියෙන, සැඩූල් (Schedule) කියන එකත් බොහෝම වැදගත්.. ඒක ඔටෝමැටික් (Automatic) කියන එක සිලෙක්ට් කොරලා, කොළපාට ඊතලෙන් පෙන්නලා තියෙන පබිලිස් (Publish) කියන තැඹිලි පාට කොටුව එබුව ගමන්, මේන් මේ වගේ මෙව්වා එකක් එනවාය..


ඔතනදි කොරන්න තියෙන්නේ, ඔය නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන, කොළ පාට ෂෙයාර් (Share) කොටුව ඔබලා, කස්ටියටම බෙදා හරින එකය.. ඊට පස්සේ බොග් රාජයා මේන් මෙහෙම පෙන්නනවාය..


ඒකේ රතු පාට ඊතලෙන් පෙන්නන, බොග බලන (View Blog) බටන් බොත්තම ඔබාපු ගමන්, මේ තියෙන්නේ කිරි ටික වගේ, කිරි සුදු බන්ඩගේ මංගල පෝස්ටුව..



ඒත් මුළු පෝස්ට් එකම පේන්නේ නෑ නේද යකෝ..... ඒකට කොරන්න තියෙන්නේ, අර කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන තව කියවන්න (Read More) කියලා ඉන්ගිරිසියෙන් ගහලා තියෙන අකුරු ටිකට කොටනා එකය... එහෙම කෙටුවාම, තොටළඟ තොරණටත් වඩා අපූරූවට කිරි සුදු බන්ඩාගේ බොග මල් පහට දිදුලනවාය..


ඉතින් තව මොන කතාද.. දැන් තියෙන්නේ පොරි හැලෙනකන් පුළුවන් තරම් ලියනා එකය.... එහෙනම් සියළු දෙනාටම අමාරුවක් නැතුව බොග දාන්න සියළු ශක්තිය ධෛර්යයම ලැබේවා..!!! කියා බොක්කෙන්ම ප්‍රාර්ථනා කොරනවාය...

නම ප්‍රශ්ණයක් තියෙනවනම් මගේ ඊ තැපෑලට ඊයක් විද්දාම වැඩේ හරිය.. දන්නා දෙයක් නම් මහාචාර්ය තුමා හැරෙන තැපෑලෙන් උත්තර බඳිනවාය... නොදන්නා මළදානයක් නම් දන්නා එකෙක්ගෙන් හරි අහලා වැඩේ ගොඩ දාලා දෙන්නම්ය.. ඔහේලාට තියෙන්නේ දත කාගෙන පුක විකාගෙන, කොමෙන්ට්ස් හිට්ස් බලන්නේ නැතිව ඇට්ටි හැලෙනකන් ලියනා එකය.. හිට්ස් කොමෙන්ට් ඕනාම නම්, අනික් උන්ගේ ඒවාත් බලා කොමෙන්ට් එකක් දැම්මාම, උනුත් ඇවිත් මක්කා හරො කොටලා යනවාය. ඒ අපේ උන්ගේ හැටිය..



නිමී

Followers

Total Pageviews