පස්වන පාඩම,
තටමන්නේ නැතිව, හින්ගලෙන් බොකක් දාන ආකාරය කියලා දෙන, මහා බොග පන්තියේ, අද කියලා දෙන්න යන්නේ, බොගේ අවුට්ලුක් එහෙම නැත්නම් ඔපය, එහෙමත් නැත්නම් පිට පෙනුම හදා ගන්නා ආකාරයය. මේ වැඩේට, බ්ලොගර්ලා එයාලාගෙම අච්චු සැට් එකක් එහෙම නැත්නම් ටෙම්ප්ලට් (Template) සැට් එකක්ම දීලා තියෙනවාය.
බොගේ සැටින්ග්ස් (Settings) වල, ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන, ටෙම්ප්ලේට් (Template) කියන අකුරු සැට් එක ලඟ මීයා එබුවාම, බ්ලොගර්ලාගේ අච්චු සැට් එකම ඉස්කිරින් එකට එනවාය. ඒකේ උඩ පහලට ගිහින්, ඔහේලා කැමති මළදානයක් තෝරාගෙන, ඒක උඩට මීයා ගෙනියන්න ඕනාය. මහාචාර්ය තුමා ඔය නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන්නේ එතුමා තොරා ගත් එකය.

ආන් ඒක උඩට මීයා ගෙනිහින් ආතල් එකක් දෙනකොට, මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය..
එයිට පස්සේ කොරන්න තියෙන්නේ.. ඔය රතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන කස්ටමයිස් (Customize) කියන් අකුරු සැට් එකට මියාගෙන් කෙලිනා එකය.. ආන් එහෙම කෙලියාම, මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය.

ඉන්පස්සේ තියෙන්නේ පසුබිම, එහෙම නැත්නම් බැග්ග්‍රවුන්ඩ් (Background) එක හදා ගන්නා ආකාරයය. තියෙන එකම තියෙන්න අරිනවානම්, ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන, (Use default background and colors) එකට, මීයාගෙන් කෙලියාම අහකය. එහෙමත් නැත්නම්, ඔය දකුණු අත පැත්තෙ, එයා යෝජනා කොරනා, පාටක් තෝරා ගන්නත් පුළුවන්ය. එහෙමත් මදිනම්, ඔය කොළ පාට ඊතලෙන් පෙන්නලා තියෙන තැන හින්නික්කිතර ඊතලේට කෙටුවාම, මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය.
ඕකේ, එක එක මාත්තුරුකා යටතේ, කප්පරක් පසුබිම් තල ඕනා තරම් තියෙනවාය. ඔහේලා කැමති නම් එයින් එකක් සැලෙක්ට් කොට ගත්තා,ට මගේ ඇඟේ මාළු නම් කවදාවත් නටන්නේ නැතිය. ඔහේලාට තියෙන්නේ, කැමති මගුලක් එල්ලා ගන්නා එක විතරය. හැබයි ඉතින්, බොග සිම්පල් එකට තියෙන තරම, මැස්සෝ එන ප්‍රමාණය වැඩිය. සමහර උන්ගේ බොගේ ගඳ සුවද බලන්න ගියාම, ලියලා තියෙන ඒවා මෙළෝ යකෙකුට පේන්නේ නැතිය. එහෙම බොගවල්වලට, මැස්සෝ තියා පෙරේතයෙක්වත් එන්නේ නැතිය.
ඊළඟට තියෙන්නේ, බොගේ කොලම් (Column) ගාන කීයක් තියෙනවාද කියලා හදා ගන්නා එකය. ඒකට කොරන්න තියෙන්නේ, ඔය ලේ අවුට් (Layout) කියන තැන, මීයා කොටනා එකය. එහෙම ලේ අවුට් කිව්වාට, ඒකට කෙටුවාට, ලේ එන්නේ නැතිය. එන්නේ මෙන්න මෙහෙම මෙව්වා එකක්ය.
ඕකේ ඔය බොඩි ලේ අවුට් (Body Layout) කියනා එකෙන්, මහාචාර්ය තුමාගේ "මාතලන්" බොගට තෝරාගෙන තියෙන්නේ, තොරන් රාජයාගේ වමේ සිට බැලුවාම, තුන් වන කොටුවේ තියෙනා ලේ අවුට් එකය. මොන මලහත්තිලව්ව තෝර ගත්තත්, බලමු ගමන් බ්ලොග් පෝස්ට් එකේ, එහෙම නැත්නම් අළුත්ම ළිපියේ හෙඩිමයි, පෝස්ට් එකයි පැහැදිලිව පේන්න තියෙන්න ඕනාය. නැත්නම් ඉතින් බොග දාන එකාගේ අම්මා නිස්කාරනේ බැනුම් අහනවාය.
එයිට පස්සේ කොරන්නට තියෙන්නේ. මේ කොලම් වල පළල (Width) හදා ගන්නා එකය. ඒකට කොරන්නට තියෙන්නේ ඔය ඇජස්ට් විඩ්ත් (Adjust Width) කියන එකට කොටනා එකය, ඒකට කෙටුවාම මේන් මෙහම මෙව්වා එකක් එනවාය.
ඕන් ඕකේ ඔය එන්ටයර් බ්ලොග් (Entire Blog) කියනා එකේ පළල ,ඔහේලාගේ ඉස්කිරීන් එකේ පළලට හදාගත්තාම හරිය. මහාචාර්ය තුමා දාල තියෙන්නේ එතුමාගේ ඉස්කිරිමේ පළලය. එයිට පස්සේ, තොරාගත් කොලම් වල සයිස් එක හදන්න එනවාය. ඒව සාමාන්‍යයෙන් 220 ට හදා ගත්තාම, පෝස්ට් එකට හොඳට ඉඩ තියෙනවාය. මෙතනදි, තෝරාගත්තේ එක කොළමක් නිසා ඒකේ පළල 300 ට තියලා තියෙනවාය.
එයිට පස්සේ, ඔය යටම තියෙනා ඇඩ්වාන්ස් (Advance) කියනා වචනෙට කෙටුවාම, කප්පරක් ඒවා එනවාය. ඒ හැම එකකටම් ගිහින්, මොනවාද වෙන්නේ කියා බලනා එක ඔහේලාගේ යුතුකමය. ඒකේ ඔය මම පෙන්වලා තියෙන, ලින්ක් (Link) කියනා එක බොහෝම වැදගත්ය. ඒ ලින්ක් සියල්ලම පසු බිමේ වර්ණයට තුලින් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්නා පාටවල් විය යුතුමය.
ඔය උඩ තියෙන පින්තූරූ ඔක්කෝගෙම, "කිරි සුදු බන්ඩා" කියලා බොගේ නම පේන්නේ නෑ.. ඕන් බලන්න මැජික් වගේ පහල තියෙන මෙව්වා එකේ බොගේ නම ඇවිත් තියෙන අපූරුව..
පාඩම තව දුරටත් තියෙනවාය.
ඊළඟ පාඩමෙන් බොග් පෝස්ට් එකක් දානා ආකාරය කියාදී පන්තිය නිම කරනවාය..
හත්වන කොටසට...
සමහරක් විට මෙන්න මේකත් ඕන වෙයි
ReplyDeletethanks මහාචාර්ය ටුමනි. යාළුවන් යොමු කරන්නම්,, ඔබගේ මේ කාර්ය අපි එක හෙලා අගය කරන්නෙමුව ඉදගෙන
ReplyDeleteදිගටම කරගෙන යන්න ලොක්ක.
ReplyDeleteජය වේවා....!
පන්තිය ඉවරකොරාට පස්සෙ විභාගෙට කලින් ප්‍රශ්ණ පත්තරෙත් බෙදනවද ගුරුතුමනි.
ReplyDeleteස්තූතියි මාතලන් අයියෙ.
සර් පස්න පත්තරේ දෙන්න හොලෙන් පන්තියක් දාමු ඈ
ReplyDeleteThank you very much Prof.Maathalan!!!!
ReplyDeleteහුටා ලබන පාරෙන් පන්තිය ඉවරද?..තියෙන ඒවා ඔක්කොම ඔබලා බැලුවාම මාර දේවල්නෙ තියෙන්නේ...හිමිහිට කස්ටමයිස් කරගන්න ඕනේ...
ReplyDeleteඔබතුමාගේ උපදෙස් අනුව බ්ලොග් එකක් හදාගත්තා .. මේ උපදෙස් ටිකත් අනුගමය කරන්න ඕන .. බොහොම ස්තුති මේ ගැන කියල දුන්නට ..
ReplyDeleteඔබ කර ඇත්තේ ඉතාම වටිනා වැඩකි. අපේ දූ දරුවන් පමණක් නොව වැඩිහිටියන්ටත් ඉතාම ප්‍රයෝජනයි. ඔබට බොහොම පින්
ReplyDeleteමමත් හිතුව බොගක් දාන්න මේක පට්ටම වැඩක් නේ.. ස්තූතිය මාතලන් .......
ReplyDeleteකෝ බං ඊලග එක
ReplyDeleteඒකත් ලෙසටම කියල දීල තියන්නෙ ඔය. අවසන් කොටසටහ් එමි.
ReplyDelete