Saturday, March 15, 2014

බොගේ පෝස්ට් දැමීම...7 කොටස..


6 වන පාඩම,

බ්ලොග් පාඩම් මාලාවෙන් ඉගෙන ගත්ත උන්, බොග දාන්න පටන් ගත්ත එක ගැන තියෙන්නේ පුදුමාකාර නිහතමානී ආඩම්බරයක්ය. "අටමා" අහලා තිබුනේ, ඉතුරු කොටස කෝ කියාය. ඒ නිසා ඔක්කෝම වැඩ නවත්වා, බිග් මැච් එකත් අත ඇරලා දමා, අද කියලා දෙන්න යන්නේ පෝස්ට් එකක් දානා ආකාරයය. මෙතනින් පාඩම් වැඩේ අහවරය.

ඉස්සෙල්ලාම කොරන්න ඕනා බ්ලොගර් සෙටින් වලට යන එකය.. එහෙම ගියාම එන්නේ මෙන්න මේ වගේ එකක් කියා කාටත් මතකය..


එහෙම ආවම කොරන්න තියෙන්නේ, ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන, පැන්සලක් තියෙන තැබිලි පාට කොටුවට, මීයාගෙන් ඇදලා අරින එකය. එහෙම කෙලලා ඇරියාම මේන් මේ වගේ මෙව්වා එකක් එනවාය.


ඒකේ උඩින් පෙන්නලා තියෙන, රතු ඊතලයෙන් පෙන්නනා කොටුවේ පෝස්ට් එකේ මාත්තුරුකාව හෙවත්, හෙඩිම දාන්න ඕනය. මේක ඉස්සෙල්ලාම කොරනා එක කොහොමත් හොඳය. මොකෝ සම හරක් හෙඩිමක් නැතුව පෝස්ට් දාලා තියෙනවා, ඔහේලාත් දැකලා ඇතිය.

ඊළඟ පහළ රතු ඊතලෙන් පෙන්නලා තියෙන රවුම් කොටසේ තියෙන්නේ, පොස්ට් එකක් හැඩ වැඩ කොට, නියමාකාරයෙන් ඉදිරිපත් කිරීමට උදව් වෙන බටන් බොත්තන්ය..


ඊළඟට කොරන්න තියෙන්නේ, කොහේ හරි කොටාගන්නා හින්ගල අකුරු, මෙතැනට ගෙනත් ඔය කොළපාට කොටුවේ අලව (Paste) ගන්නා එකය. මේ වැඩේ, ඡේදයෙන් ඡේදය ලියා, ගෙනත් අලවනවානම් වැඩේ ගොඩාක් ලේසී වෙනවාය. කෙලින්ම මෙතන හින්ගල අකුරු කොටන්න දන්නා අයට මේ සෙල්ලම් ඕනා නැතිය. ඒත් ඉතින් මහාචාර්ය තුමා වගේ, සම හරක්ට කොරන්න වෙන්නේ අර මම කලින් කිව්වා වූ මැතඩ් එකමය.


මේ පෙන්නලා තියෙන්නේ එහෙම අමාරුවෙන් ලියාගෙන පෝස්ට් කොරන්න යන ළිපියට, හැඩ වැඩ දාලා තියෙන ආකාරයය. තමන්ගේ බොග ලෝඩ් උන ගමන්, මහාචාර්ය තුමාගේ බොගේ වගේ, පෝස්ට් කීපයක් පෙන්වනවා නම්, පේජ් බ්‍රේක් (Page Break) එකක් එහෙම නැතිනම්, පිටු කැඩීමක් කර ගන්නට ඕනා නම් කොරන්න තියෙන්නේ, බ්‍රේක් (Break) එක දෙන්න ඕන තැනට ගොස්, ඔය රතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන බටන් බොත්තම ඔබනා එක විතරය. ඊට පස්සේ පේජ් බ්‍රේක් එක තියෙන තැන, ඔය කොළ පාට ඊතලෙන් පෙන්නලා තියෙනවා වාගේ ඉරකින් පෙන්නනවාය.

සින්දුවක් කවියක් වගේ ලියනා කොට අකුරු ළොකුවට (Large) ඉතාලි කොරමේට ඇදකොට (Italy) , අකුරු බෝල කොට (Bold) දැම්මාම, බොහෝම අපූරුවට පේනවාය.. බලන කෙනෙකුට උනත් ප්‍රියයිය...

ඊළඟට කියලා දෙන්න යන්නේ, පින්තූරයක් අලවන හැටිය. මේක බොහෝම වැදගත්ය. මොකෝ සින්ඩිවල, එක එකාගේ බ්ලොග් රෝල් වල, තමන්ගේ බ්ලොග් එකේ තියෙන පින්තූරේ පෙන්වනවාය. එහෙම පෙන්වන්න නම්, කොහේවත් තියෙන පින්තූරයක් ගෙනත්, පෝස්ට් එකේ ඇලෙව්වට (Copy and Paste) වැඩක් නැතිය.... අර උඩ තියෙන බටන් බොත්තම් ගොඩේ, පේජ් බ්‍රේක් (Page Break) බටන් බොත්තමට, බටන් දෙකක් වම් පැත්තේ තියෙන පින්තූර (Picture) බටන් බොත්තම ඔබන්න ඕනය......


ඒක එබූවාම, ඔය නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන, චූස් ෆයිල් (Choose File) කියන බටන් බොත්තම ඔබලා, කොහේ හරි තියෙන පොටෝ එකක් අප්ලෝඩ් (Upload) කර ගන්න ඕනාය. ලේසිම ක්‍රමේ, තමන්ගේ පින්තූර ෆෝල්ඩර් එකේ තියෙන පින්තූරයක්, රතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන තැන පෙන්වා තියෙන අප්ලෝඩ් (Upload) කර ගන්නා එකය. එහෙම ගත්තාම, පින්තූරේ තැඹිලි පාට ඊතලෙන් පෙන්නලා තියෙන ආකාරයට පෙන්වනවාය.. ඊට පස්සේ මීයගෙන් පින්තූරෙට කොටලා සිලෙක්ට් කොරගෙන, කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන ඇඩ් සිලෙක්ටඩ් (Add Selected) බටන් බොත්තම ඔබාලා දාන්න ඕනාය..


ඊට පස්සේ පින්තූරේ උඩ මීයා එබුවාම, ඔය රතු ඊතලෙන් පෙන්නලා තියෙන ආකාරයට පෙන්නනවාය.. සමාන්‍යයෙන් පින්තූරේ එන්නේ මධ්‍යම (Medium) ප්‍රමාණයෙන්ය. ඒත් බ්ලොග් එකට මැච් වෙන්න නම්, ලොකු (Large) කර ගන්න වෙනවාය.. මේ තියෙන්නේ එහෙම ලොකු (Large) කියන කැටගරියට දාගත්තාම පේන ආකාරය.


එකේ කහ පාට ඊතලෙන් පෙන්වලා තියෙන්නේ, පෝස්ට් එක වර්ගීකරණයකට, එහෙම නැත්නම් ලේබල් (Label)  ගත කරන හැටි.. මේ ලේබල් තමන් කැමති ආකාරයට දා ගන්න පුළුවන්ය, ඒක පස්සේ කාලේ පෝස්ට් එකක් හොයාගන්න ගියාම බොහෝම ලේසියිය.

ඔය "කතන්දර" උන්නැහේ එක පෝස්ට් එකක, ලින්ක් දෙසීයක් තුන්සීයක් දාන්නේ එහෙමය.. මේ ලින්ක් දැමිල්ලත් මහ ළොකු දෙයක් නෙමෙයිය.. තමන්ට අවශ්‍ය වචනය හයිලයිට් කොරලා, "Link" කියන බටන් බොත්තම ඔබලා, වෙබ් ඇඩ්‍රස් එක දුන්නාම වැඩේ අහවරය...


ඔය රතු ඊතලෙන් පෙන්නලා තියෙන, සැඩූල් (Schedule) කියන එකත් බොහෝම වැදගත්.. ඒක ඔටෝමැටික් (Automatic) කියන එක සිලෙක්ට් කොරලා, කොළපාට ඊතලෙන් පෙන්නලා තියෙන පබිලිස් (Publish) කියන තැඹිලි පාට කොටුව එබුව ගමන්, මේන් මේ වගේ මෙව්වා එකක් එනවාය..


ඔතනදි කොරන්න තියෙන්නේ, ඔය නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන, කොළ පාට ෂෙයාර් (Share) කොටුව ඔබලා, කස්ටියටම බෙදා හරින එකය.. ඊට පස්සේ බොග් රාජයා මේන් මෙහෙම පෙන්නනවාය..


ඒකේ රතු පාට ඊතලෙන් පෙන්නන, බොග බලන (View Blog) බටන් බොත්තම ඔබාපු ගමන්, මේ තියෙන්නේ කිරි ටික වගේ, කිරි සුදු බන්ඩගේ මංගල පෝස්ටුව..



ඒත් මුළු පෝස්ට් එකම පේන්නේ නෑ නේද යකෝ..... ඒකට කොරන්න තියෙන්නේ, අර කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන තව කියවන්න (Read More) කියලා ඉන්ගිරිසියෙන් ගහලා තියෙන අකුරු ටිකට කොටනා එකය... එහෙම කෙටුවාම, තොටළඟ තොරණටත් වඩා අපූරූවට කිරි සුදු බන්ඩාගේ බොග මල් පහට දිදුලනවාය..


ඉතින් තව මොන කතාද.. දැන් තියෙන්නේ පොරි හැලෙනකන් පුළුවන් තරම් ලියනා එකය.... එහෙනම් සියළු දෙනාටම අමාරුවක් නැතුව බොග දාන්න සියළු ශක්තිය ධෛර්යයම ලැබේවා..!!! කියා බොක්කෙන්ම ප්‍රාර්ථනා කොරනවාය...

නම ප්‍රශ්ණයක් තියෙනවනම් මගේ ඊ තැපෑලට ඊයක් විද්දාම වැඩේ හරිය.. දන්නා දෙයක් නම් මහාචාර්ය තුමා හැරෙන තැපෑලෙන් උත්තර බඳිනවාය... නොදන්නා මළදානයක් නම් දන්නා එකෙක්ගෙන් හරි අහලා වැඩේ ගොඩ දාලා දෙන්නම්ය.. ඔහේලාට තියෙන්නේ දත කාගෙන පුක විකාගෙන, කොමෙන්ට්ස් හිට්ස් බලන්නේ නැතිව ඇට්ටි හැලෙනකන් ලියනා එකය.. හිට්ස් කොමෙන්ට් ඕනාම නම්, අනික් උන්ගේ ඒවාත් බලා කොමෙන්ට් එකක් දැම්මාම, උනුත් ඇවිත් මක්කා හරො කොටලා යනවාය. ඒ අපේ උන්ගේ හැටිය..



නිමී

40 comments:

  1. ඔබේ පාඩම් මාලාව අති සාර්ථක බව මගේ හැගීමය මහාචාර්‍ය තුමණි.
    අලුතින් බොගවල් පටන් ගැනීම සහ පාඩම් කියා දෙන්න ගත් පසු බොගවල් වෙනස් කම් කොට ගත් එව්වො දුටුවාම එය පැහැදිලිය.
    කියන්න තියෙන්නෙ මගේ ආයුෂත් අරං යෙහෙන් ජිවත් වේවා කරදරයකින් තොරව කියා පමණය...
    ජය වේවා.... මචෝ.....!!!

    ReplyDelete
    Replies
    1. බලෙන් දා ගන්නේ නැත්නම්, දැන් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් මචෝ...

      Delete
  2. සාර්ථක පංතියක නිමාව.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සාර්ථකයි කියා, මටත් දැනෙනවා..

      Delete
  3. මාතලං සෑර්ගේ පන්තිය නිසා ‍බ්ලොගක් ගොඩ දා සිස්සයාවියක වසයෙන් ඔබතුමා පන්තිය නිමා කරන මේ මොහොතේ පන්තියේ සිසු සිසුවියන් විසින් ඔබතුමාට ලබාදීමට මල් කළඹක් සූදානම් කර ඇත.පැමිණ එය පිලිගන්නා ලෙස ඇරයුම් කරමි.ටංකු වේවා සෑර්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... මල් වලට වඩා සතුටු, ෂාෂලා වගේ කීප දෙනෙක්ම එකතු වීමයි...

      Delete
  4. බ්ලොග් ලෝකයට පිවිසෙන්න සාර්ථක පාඩමක් වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම පේනවනම්, මම සාර්ථකයි..

      Delete
  5. නියම ක්ලාස් එක..සුපිරි පාඩම් මාලාව..

    ReplyDelete
  6. ඇත්තටම වැදගත් පාඩම් මාලාවක්. ඇත්තටම ස්තූතියි මාතලන් අයියෙ.

    මාත් ඔය උඩ කිවුවා වගේ පලවෙනි පෝස්ට් දෙකම හෙඩිමක් තියා ඡේද ටික වත් වෙන් නොකර කොටපු සමහරකෙක් තමා. ඒත් මාතලන් අයියා පලවෙනියට දාපු කමෙන්ට් එකෙන් මට ගොඩක් දේවල් කියලා දුන්නා.

    බ්ලොග් වල වැදගත්ම දේ, එකෙක් ආවොත් ඌව වැටෙන්න නොදී ගොඩ ගන්න ගොඩක් අය සිටීමයි.

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එළ පොරවල් ටිකක් මේකේ ඉන්නේ.. හිටපු ගමන් පිස්සු කෙලියට.. වැඩි පිරිසකගේ බොක්ක හොඳයි...

      Delete
  7. ෆට්ට පාඩම් මාලාව..කලින් ඉදල බෝග දැන්මට නොදන්නා දේවල් බොහොමයක් තිබුන ස්තුති ඔබට මහාචාර්ය තුමනි

    ReplyDelete
    Replies
    1. උඹ තාම ආචාර්ය නේ.. ඒකයි..

      Delete
  8. මහචාර්ය තුමාගේ පන්තියට ඇවිල්ලා මමත් ගොඩක් දේ ඉගෙන ගත්තා....

    ගොඩක් ස්තුතියි ඔබගේ දැනුම අපිත් එක්ක බෙදා ගත්තට. ඔබට මාගේ උපහාරය....

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන්... ඕවට උපහාර ඕනා නෑ...

      Delete
  9. මහාචාර්ය තුමාට මාගේ ප්‍රණාමය...කියන්න ඕන දෙවල් මෙතැන දී කිව්වා, ආයෙත් ස්තුතියි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා විදානේ උන්නැහේ..

      Delete
  10. හම්මේ දැන් නම් යාන්තමට බොගක් දාගන්න පුළුවන් වෙයි වගේ. පටන් ගන්න ඕනේ අලුත් බොගක්

    ReplyDelete
    Replies
    1. උඹට මක්කටෙයි බන් අළුත් බ්ලොග්

      Delete
  11. මෙච්චර කියාදිලත්
    මේ සිස්සාවට නම්,සමහරක් ඒවා හරියට කොරගන්න බැහැනේ.
    අදවත් එල්ලගන්න ඕන හොරාගේ මාක් එක
    මං නම් ගුරු පඩුරු නොදෙමි.

    ReplyDelete
  12. වැඩේ මරුය.. හිතට වැදුනේය.. කොටන්නට පටන් ගන්නේය...

    ReplyDelete
  13. සත්ත්ව කරුණාව පහල වී පුංචි අපට බොග දැමීමේ අකාරය කියා දුන් ඔබට බොහෝම විස්කෝතුයි!

    ReplyDelete
  14. එකෙන්ම නියමයි සෑර්... බෝග දැමීමේ කාරිය මැනවින් කියා දුන් ඔබට මගේ ප්‍රමාණය ^_^ :)

    ReplyDelete
  15. එලමා බොහොම තෑන්ක්ස්

    http://mastergesyberthippola.blogspot.com

    ReplyDelete
  16. පිං සිදු වේවා..!! ඔන්න ගස් ලබ්බත් ඇට ගනං කොරන්නයි යන්නෙ. හැප්පි හැප්පි බ්ලොගිං.... ජය වේවා..!!

    ReplyDelete
  17. අයියේ ඔන්න ඔයාගේ පාඩම් බලාගෙන මමත් එකක් හැදුවා.ස්තූතියි

    ReplyDelete
  18. මහාචාර්‍ය තුමාට කට්ටාගේ තුතිය..තනියෙන් බාගෙට අතහැර තිබූව ගොඩ ගත්තේය...

    ReplyDelete
  19. නියමයි යාලු... ගොඩක් දේවල් දැන ගත්තා.මමත් එකක් හැදුවා.ඔබට ජයෙන් ජය!!!

    ReplyDelete
  20. බොහොම පිං, මමත් ගොඩක්දේ ඉගෙණ ගත්තා, බ්ලොග් ලිස්ට් එකටත් දාගත්තා.

    ReplyDelete
  21. http://vikasitha1.blogspot.com/

    ReplyDelete
  22. තවත් ශික්කයෙක් මෙසේ ලියමි.....සෑර් මම පංතියට ආවේ අදය....ෆලෝවර් ගැටලුව විසදා ගතිම්මි....ටැන්කූඋ......සිංහ මචන් කීඉවෙ...උඅත් ටැන්කූ ඈ...

    ReplyDelete
  23. මමත් අද ඇවිත් followers දාගන්න ඉගෙන ගත්තා. ලොකු උදව්වක් අලුතෙන් එන අයට... ස්තුතියි ගොඩක්...

    ReplyDelete
  24. උපදෙස්වලට ස්තූතියි ප්‍රියන්ත. බ්ලොග්කරණය මගේ පුවත්පත්කලාවේ අලුත් ඉසව්වක් වේවි.

    ReplyDelete
  25. බොග් කියවන එක මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ.. බොගක් හදන්න ආසාවක් තිබුණට ට්‍රයි කලා ඒත් ගූගල් එකේ දීලා තිබුණ පළියට ගිහින් නිකන් ගූ ගාගන්න ඕනේ නැති නිසා පසුව කරනවා කියලා මම ඉටා ගත්තා.. දැං ඉති්න් දහ දොළොස් පාරකට වඩා මාතලන් ලොක්කාගේ පංතියේ ආධුනික දරුවෙක් උණු මම බොගක් ළඟදීම හදන්නට ඉටා ගනිමි. හය හතර තේරෙන අවධියේ දී මා සමීපව ඇසුරු කරන අයියල‍ාගේ බොග් කියවීමෙන් ආසාව ඇති විය. ඔවුන් අසූරයාගේ නවාතැන හා බණ්ඩගේ විත්ති නමින් බොග් ලියයි. මමත් බොගකට ලියාපදිංචි වෙලා මාතලන් ලොක්කට කියන්නම්. තාම ඔබේ රසිකයෙක්..

    ReplyDelete
  26. ස්තුතියි ,හොද ලිපි මාලාවක්.මමත් බ්ලොග් එකක් හැදුවා.
    http://Dinapotha01.blogspot.com/

    ReplyDelete
  27. හින්ගල කොල්ලන්ට, කෙල්ලන්ට හීනිවට උගන්නුපු ආකාරය අගයමි.

    ReplyDelete
  28. ස්තුතියි

    ReplyDelete

Followers

Total Pageviews