Friday, January 24, 2014

බොග දැමීමේ ආරම්බය - මාතලන්ගේ බ්ලොග් පාඩම් - 2 කොටස


පළවන පාඩම

(මේ පින්තූර උඩ ඩබල් ක්ලික් කලාම, ළොකුවට පේනවා...)

පළවෙනි පාඩමෙන් කියලා දුන්නේ, හින්ගල බොගග් දාන්න හින්ගල අකුරු කොටනා හැටිය. මාතලන් කියා දුන්නේ, මාතලන් පටන් ගත්ත හැටිය. මෙළෝ හසරක් නොදන්නා එකෙකුට තියෙන හොඳම එක ඒකයි කියා මාතලන් අදටත් හිතන්නේය. ඒ උනාට බ්ලොග් ලියන, කියවන අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, මාමලා, නැන්දලා, එයාලා කොටන ඒවා ගැනත්, විස්තර ලියලා තිබුනාය.

වෙන්නෙ ඕනෙත් ඒකය. දැන් ඉතින් ඔය කියාපු ඔක්කෝන්ගෙන්ම ලේසි එක හොයලා, පොරි හැලෙන්න කොටාගෙන යන එක තම තමන්ගේ කාරියක්ය.

අද කියා දෙන්න යන්නේ නමෝ විත්තියෙන් බොගක් දාන්නේ කෙසේද කියාය. එසේ කියා දීමට කලින් මේන් මේ කරුණු ටිකත් කියන්න ඕනාය.

  • බොගේ නම ඇඟට දැනෙනා එකක් විය යුතුය.
  • බොගේ නමත් ඊ මේල් එකේ නමත් එකක් වෙනවානම් බොහෝ හොඳය.
  • මූණු පොතෙත් ඒ නමින්ම ගිණුමක් තියෙනවානම් වඩා හොඳය.
  • බොගේ නිමාව දැකුම්කලු හා සරළ වන තරමට හොඳය.
  • එක එක ගැජට් එල්ලා ගැනීමෙන් හැකි තරම් වැලකිය යුතුය.
  • මෙයට එක කිරීමට තවත් දෑ ඇත්නම් ලියා එවන විට අතුලත් කරන්න පුළුවන්ය.

බ්ලොග් ලියන්න පුළුවන් සර්විස් තුනක් ගැන, මාතලන් කිව්වා මතක ඇතිය. ඒවා නම්, බ්ලොගර් (Blogger), වර්ඩ් ප්‍රෙස් (WordPress) හා ටම්බ්ලර්ය (Tumbler) . මෙයින් වඩාත් ජනප්‍රිය "බ්ලොගර්" සේවා ජාලයය. අද ජී මේල් (G mail) ඇඩ්‍රස් එකක් නැති එකෙක් නැති තරම්ය. එහෙම තියෙන එකෙකුට බොග දාන එක, කජු කනවා වගේය. ඒ උනාට මාතලන් පටන් ගන්නේ ජී මේල් එකකුත් නැතෙයි කියලා හිතලාය. ඒ නිසා ජී මේල් නොහොත් කක්කා තැපෑලක් හදා ගන්නා ආකාරය මුල සිටම කියලා දෙනවාය.

උදාහරණයක් ලෙස මාතලන්, "කිරි සුදු බන්ඩා" නමින් කක්කා තැපැල් ගිණුමක් ආරම්බ කරනවාය. ඒකට කොරන්න තියෙන්නේ ගූගල් ඩොට් කොම් එකට ගොහින් ක්‍රියේට් නිව් එකවුන්ට් (Create New Account) කියනා බොත්තම ඔබනා එකය. එහෙම කෙටුවාම මෙන්න මෙහෙම මෙව්වා එකක් එනවාය.


ඕකේ තියෙන කොටු ටික මාතලන් පිරෙව්වා වාගේ පුරවලා, ඊට පස්සේ පේජ් ඩවුන් (Page Down) ගහලා ඉතුරු ටිකත් පුරවලා, පල්ලෙහාම තියෙන නිල් පාට බටන් බොත්තම එබුවාම, මේන් මේ වගේ මෙව්වා එකක් එනවාය.


එතනදි, කැමති නම් තමන්ගේ මූනත්තහඩුව හරි, මොකක් හරි පික්චැර් එකක් ඇඩ් කොර ගන්න පුළුවන්. ඒක ඉතින් පස්සෙ උනත් කර ගන්න පුළුවන්, අවුලක් නෑ. එහෙම කොරලා, නෙක්ස්ට් ඉස්ටෙප් (Next Step) බටන් බොත්තමට ඇදලා අරින්නයි තියෙන්නේ. එතකොට එයි මේන් මෙහෙම මෙව්වා එකක්.


එතන එනවනේ ගෙට් ඉස්ටාර්ටඩ් (Get Started) කියලා බටන් බොත්තමක්, සත පහකට බය වෙන්නේ නැතිව ඇඳලා අරින්නයි තියෙන්නේ ඒකටත්. ඊට පස්සෙ එන මෙව්වා එක තමයි මේ..


ඔන්න ඕකේ මාතලන් රතු ඊතලේකින් පෙන්නලා තියෙන බටන් බොත්තම ඔබන්න ඊළඟට. ඊට පස්සෙ එන්නේ මේන් මෙහෙම මෙව්වා එකක්.


දැන් ඉතින් බුදු අම්මෝ කියන්නෙ නැතිව, ඔය සතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන මෝ (More) බටන් බොත්තම ඔබන එකයි තියෙන්නේ.. ඊට පස්සෙ තමයි එන්නේ ආතල්ම ඉස්කිරින් එක.. කියලා වැඩක් නෑ මෙයා.. ඕන් ඒක..


 ඔය තියෙන්නේ මයෙ අම්මා.. දිලිහි දිලිහි මේන් මේ වගේ බොග සංකේතේ.. එහෙම නැත්නම් බොග් ලංඡනේ.. ඇදලා ඇරපන් අම්මා අදහන දෙවි දේවතාවුන් ඔක්කෝම සිහි කරලා.. පඬුරක් ගැට ගැහුවත් අවුලක් නෑ. අනාගතේ, යක්කුන්ගෙන්, පෙරේතයන්ගෙන්, කුම්භාන්ඩයන්ගෙන් වගේම, ඇනෝලගෙනුත් තමන්ව ආරස්සා කොරන්නෙයි කියලා..






ඕන් දැන් වැල්කම් එකක් හෙම දීලා අපිව සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා මේන් මෙහෙම. ඉතින් "තෑන්ක්ස් මෙයා...." එහෙම කියලා, පේජ් ඩවුන් (Page Down) බටන් එක එබුවාම එනවා මේන් මෙහෙම මෙව්වා එකක්..


ඒකේ එනවා නේද, තැඹිලි පාට කොන්ටිනිව් ටු බ්ලොගර් (Continue to Blogger) කියලා බටන් බොත්තමක් කොටාපන්කො බලන්න ඒකටත්..


ඕන් ඕකේ තියෙනවා නේද, අළු පාට නිව් බ්ලොග් (New Blog) කියලා බටන් බොතතමක්. ආන් ඒකටත් කොටන්නකෝ මම කියනවට.. එතකොට එන මෙව්වා එක තමයි මේ..





තවත් ඉතින් මීට වඩා ආතල් එකක් තියෙනවද...? ඕන් ඔතන තමයි බොගේ නම දාන්න පුළුවන්. අපි දාන්න යන්නේ හින්ගල බොගක් නිසා.. හින්ගල අකුරු වලින්ම නමක් දාගත්තම ලේසියි.. පහසුයි.. ඊට පස්සේ බොග් ඇඩ්ඩස් එක.. ඒකත් බොගේ නම වෙනවනම් තමයි වඩාත් හොඳ.. පහු කාලේක ජනප්‍රිය වෙනකොට, නම ගහපු ගමන් බඩුම තමයි..

ඊට පස්සෙ, සාධු කාරයක් දීලා හරි, අදහන දෙවියෙක් සිහි කරගෙන හරි, ඔබන්නයි තියෙන්නේ තැඹිලි පාටට යටින්ම තියෙන ක්‍රියෙට් බ්ලොග් (Crate Blog) කියන බටන් බොත්තම. එතකොට එන මෙව්වා එක තමයි මේ..


වැඩේ හරි.. ඔය තියෙන්නේ ජලය මුසු නොවූ පිරිසිඳු එළකිරි වගේ "කිරි සුදු බන්ඩා..." කියලා බ්ලොග් එක හැදිලා.. පුදුම ආතල් එකක් නේ තියෙන්නේ.. කාටවත් කියන්න එපා.. සද්ද බද්ද නැතිව ඔය සතු පාට ඊතලෙන් පෙන්නලා තියෙන තැඹ්ලි පාට පැන්සල තියෙන බටන් එක ඔබන්නකෝ..


තවත් ඉතින් මීට වඩා වින්දනයක් තියෙනවද අයිබෝවන්ඩ.. දැන් ඉතින් අර කොටන්න ඉගෙන ගත්ත හින්ගල වලින් මක්කා හරි ලියලා පබිලිස් කොරන්නයි තියෙන්නේ..

හා.... හා.... කළබල වෙන්න එපා... ඒවත් ඔක්කෝම මාතලන් කියලා දෙනවා.. එතකන් ඔයාලා ඔක්කෝටම හැප්පි හැප්පි බ්ලොගින්..

තුන්වන කොටසට >>>

ප: ලි:
කතන්දර උන්නැහේ බ්ලොග් ගැන විතරයක් කතා ලියලා තිබුනා මෙතන.

අපූර්වී, ෆෙස්ස්බුක් එකේ තුන් දෙනෙක්ටම බ්ලොග් හදලා දීලා . මේ වගේ කෙල්ලෝ ඉන්නවනම් මොනවද ලොක්කා කරන්න බැරි.

57 comments:

  1. මේක කියවද්දී මං කල්පනා කලේ ඇත්තටම මට බොග හදපු හැටි මතක් නෑනේ බොලව්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි පුතේ...

      Delete
  2. මොකද අලේ උයාට හෙබ්බිලිතාව හැඩිලඩ අලේ.. //ආරම්බය// කියලා දැම්මේ , නියමයි ... ෂෝයි ඇන්ටි කෙනෙක් ෆොටෝ එකක් ඇති කියලා හිතුවේ හි හි

    ReplyDelete
    Replies
    1. හැමදාම එහෙම දැම්මාම අගේ නැති වෙනවා.. ආන් ඒ වෙනුවට මාතලන් බොගේ දැම්මා ලස්සන පොටෝ එකක්..

      Delete
    2. මෙයත් හොයන දේවල්..

      Delete
  3. පට්ට පට පට මේ තියෙනනේ ලෙසටම වැඩේ.

    ReplyDelete
    Replies
    1. අපි වැඩකට බැස්සොත් එහෙම තමයි මචෝ..

      Delete
  4. අඩේ අපුර්වි විතරක් නෙවෙ අපිත් දහයකට වැඩිය බ්ලොගර්ස්ලා බිහි කරල තියෙනවා.. උන් දිගටම ලිව්වෙ නැති එකයි ප්‍රශ්නෙ :(

    දැන් ඉතිං ඉතිරි ටික කියල දෙනකල් බොගක් දාන්න බෑනේ..

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්නේ නෑ කියන්නේ.. සාර්ථක ගෝලයෝ නෙමෙයි කියන එක නේ.. ඒ වගේද මං.. කතාගේ ගෝලයා..

      Delete
  5. අඩේ අපුර්වි විතරක් නෙවෙ අපිත් දහයකට වැඩිය බ්ලොගර්ස්ලා බිහි කරල තියෙනවා. උන් තියා මමවත් දිගටම ලියන්නේ නැති එකයි ප්‍රශ්නෙ :( 2

    කඩුව නම් උගුරෙන් පල්ලෙහාට බැස්සුවා. ආයේ එලියට ගන්න හැටි කියා දෙන්න කොච්චරකල් යයිද? :v

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද බන් එහෙම කරනවනම්.. පටන් ගත්තට වැඩක් නෑ.. ද්ජිගටම ලියන්න ඕන.. හිට්ස් බලාගෙන, කොමෙන්ට්ස් බලාගෙන පටන් ගන්නවනම් වැඩක් නෑ..

      Delete
  6. බ්ලොග් රහස් කියලා පොතක් ලියමුද හොඳට මාකට් කරන්න පුළුවන්..ඔය පොත් කඩවල තියෙන්නේ "දියුණුවේ රහස්" කියලා

    ReplyDelete
    Replies
    1. රහස් මෙහෙම එලිපිට කතා කොරනවද දයා...?

      Delete
  7. ඔක්කොට වඩා වටින්නෙ ගුරුතුමාගෙ ස‍රල භාෂාව. තේරෙන්නැති විදියට නොකියා මෙහෙම තේරෙන විදියටම කි‍යලා දෙන එකට නම් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ උනත් සරළ උනාම, පවත්වාගෙන යන්න බොහෝම ලේසියි..

      Delete
  8. උඹේ මේ පැහැදිලි කිරීම මට තේරෙනවා කියන්නේ ඕනම ගොබ්බයෙකුට තේරුම් ගන්න පුළුවන් කියන එකයි. නියමයි.

    ReplyDelete
    Replies
    1. කෑ නොගහ ඉඳහන් බන්, ඔය නමින් විතරයි තාම අපිට ආමන්ත්‍රනේ නොකලේ..

      Delete
    2. මට ඒක ඇහුන ගොබ්බයෝ. මේක තව ටිකක් පුළුල් කරන්න ඒ කියන්නේ පබිලිසිටිය උස්ස උස්ස දෙන්න ඔහේගේ ගුරා මාස්ටැර්වත් ගාවගන්නකෝ අනේ..

      Delete
  9. ලොවෙත් තියන්නේ. තනියම ඔබලා ඔබලා ඉගෙන ගන්නවා වගේ නෙවේ. මෙතන හරි සරලවම තියනවා නොවැ

    ReplyDelete
    Replies
    1. අපො කොහොමත් ඉතාම සරල මිනිස්සු ආයිබෝවන්ඩ.. කොටින්ම කියනවනම සම්බහිය සෝ එකක්වත් බලන්නේ නෑ..

      Delete
  10. මං දන්න තරමින්න් පොඩි අදහසක් දෙන්නම්. මෙ බ්ලොග් එකට මෙන්න මෙ ලින්ක් එකේ තියන ගැජට් එක ඔබල තියන්න. එතකොට හදිසියේ සිංහල නැති කම්පියුටර් එකෙකින් එකෙක් ආවත් සිංහල පෙන්නනව. එ වගෙම "ඔබේ පරිගනකයේ සිංහල නැත. සිංහල ගන්න" කියලත් එනව. http://settdeco.bhasha.lk/si

    ReplyDelete
    Replies
    1. එල්ලන්න ට්‍රයි කලා හරි ගියේ නෑ.. ඒත් මේක මතක් කළ එක හොඳයි..

      Delete
  11. ඔහොම බෑ බන් බ්ලොග් ලියන හැටි උගන්වන්න.මෙන්න මෙහෙම වරෙන්.අන්ත්‍රාවයි බ්ලොග් ලිවීම අනතුරුදායක විය හැක,බ්ලොග් ලිවීම වැඩිහිටියන්ට පමනයි 18+ ,බ්ලොග් ලිවීමට එරෙහි තහනම ඉවත් කළා,පුද්ගලිකයි රහසිගතයි,බ්ලොග් ලිවීමේ ලිංගික රහස්,සුරාන්තය සහ බ්ලොග් ලිවීම අතර සම්බන්ධය හෙළිවේ,බ්ලොග් ලිවීම තහනම් කිරීමේ තැතක්,හරි ගියාම ගාස්තුව ගෙවන්න, ඔන්න ඔය වගෙ තීම් එකකට යන්න ඕන

    ReplyDelete
  12. ඔහොම බෑ බන් බ්ලොග් ලියන හැටි උගන්වන්න.මෙන්න මෙහෙම වරෙන්.අන්ත්‍රාවයි බ්ලොග් ලිවීම අනතුරුදායක විය හැක,බ්ලොග් ලිවීම වැඩිහිටියන්ට පමනයි 18+ ,බ්ලොග් ලිවීමට එරෙහි තහනම ඉවත් කළා,පුද්ගලිකයි රහසිගතයි,බ්ලොග් ලිවීමේ ලිංගික රහස්,සුරාන්තය සහ බ්ලොග් ලිවීම අතර සම්බන්ධය හෙළිවේ,බ්ලොග් ලිවීම තහනම් කිරීමේ තැතක්,හරි ගියාම ගාස්තුව ගෙවන්න, ඔන්න ඔය වගෙ තීම් එකකට යන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් මගේ බ්ලොගේ උඩින්ම එල්ලලා තියෙනවා නේ..

      Delete
  13. ඔන්න ඔතනින් පස්සෙ තමයි අපි වගේ කට්ටිය අමාරුවෙ වැටෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒවත් බොහෝම සරළව කියා දෙනවා..

      Delete
  14. බොක්ක කූල් වෙන්නම ඇත මාතලං.. එළය ලෙසටම ඇත. කියල තියෙන හැටියට ඔබන්නම හිතෙනවාය කොටනන්ම හිතෙනවාය. හැබෑටම මං එකක් අටවං නොහිටියා නං දැම්ම එකක් කොටාබානවාය.. ඔහේට ජය හැමෝට බොග..

    ReplyDelete
  15. කලින් ලිපිය කියොලා ආවෙ.. පොඩි දෙයක්

    http://0xdeafc0de.wordpress.com/rsinglish/

    ^ මේ තියෙන්නෙ මම සිංහල ටයිප් කරන සොෆ්ට්වෙයා එක.. මධුර ඩික්සනරි එක හදපු කෙනා තමයි මේක හදලා තියෙන්නෙ.. ඩවුන් ලෝඩ් කරගත්තා.. කීබෝඩ් එකේ scroll lock එක එබුවා හිතේ හැටියට සිංහල ටයිප් කොරගෙන යන්න පුලුවන්.. සිංග්ලිශ් ටයිප් කරන්න තියෙන්නෙ.. විජේසේකර වගේ වෙනම පුහුනුවක් ඕනි නෑ.. ආයෙ ඉංග්ලිශ් ටයිප් කරන්න ඕනි උනහම ස්ක්‍රොල් ලොක් එක ඔබන්න විතරයි තියෙන්නෙ..

    ReplyDelete
  16. මං මේ ලිපිය කියෙව්වේ නෑ! හැබැයි මේක කියන්න හිතුනා. මේක සමහරවිට ලියැවිලත් ඇති! පෞද්ගලිකව මගේ මතය නම් බ්ලොග් එකක් ලියද්දි අන්වර්ථ නාමයකින් ලියන්න පුලුවන් නම් හොඳයි කියන එක.ඒ වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ අනන්‍යතාව බ්ලොග් එකට පුලුවන් තරම් ඈතින් තියාගෙන සයිබරයේ වෙනම පෞරුෂයක් ගොඩ නගා ගන්න ඕන කියන එක. ඒ තුලින් වඩා විවෘතව අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. (Without getting judged!)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සාබිත්, මේ වෙද්දි මටත් හිතිල තියන දෙයක් ඔය කාරනා ටික. ඒත් දැන් මං පරක්කු වැඩියි.

      Delete
    2. ඒම මම ළිපිය තුලදී කිව්වා.. අල්ලලා යන නමක් දාන්න කියලා.. ඇත්තටම නිර්ණාමිකව ලියන එකෙන් පොඩි ආතල් එකකුත් තියෙනවා..

      Delete
  17. මාත් දානව බොගක් මේක බලාගෙන :D

    ReplyDelete
  18. මාත් දෙන්නෙක්ට කියලා දුන්නා බොගක් දාගන්න හැටි කොහෙද උනුත් මං වගේම කුසීත උං දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. නිකා උන්නා නම් ඊට හොඳා...

      Delete
  19. බ්ලොග් ඩොමේන් එක සෙට් වෙන්නේ නෑ .උදව්වක් කරනවද

    ReplyDelete
    Replies
    1. හිතට එන ගති කියල හිතෙන නං ඔක්කම ටයිප් කරන්න හරියයි..
      නැත්තං සිම්බල් එකක් දාන්න මැදට අනිවා හරියයි... හැබැයි දාන්න වෙන්නෙ හයිපර්(-) 1 විතරයි. එහෙම නැත්තං අංක යක් දාන්න

      Delete
    2. ඔය ඉන්නේ උපසේනලා ඕන තරම්.. තෑන්ක්ස් මෙයා..

      Delete
  20. මට නම් ඉතින් මේවා කරලා දෙන්න බුද්ධිමත් දරුවෙක් ඉන්න නිසා මහන්සි වන්න කාරියක් නැහැ.
    කොහොමත් මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. ධෛර්යමත් කිරීමට ඔබටත් ඉස්තූතියි...

      Delete
  21. තව සංකීර්ණ හරියට ආවෙ නෑනෙ.. අන්න එතකොට අපි බොග දාන හැටි දිහා ආපහු බලන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ඒවත් සරළවම දෙන්න තමයි අදහස..

      Delete
  22. හා මෙන්න කතාවක් අපි නං තාම හිච්චි උං.. ඉගෙන ගන්න බෝමයි

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න කිසිම දෙයක් අපතේ යන්නේ නෑ නොව..

      Delete
  23. දැන්නම් ඔන්න වෙබ්ස් ඩොට් කොම් කියල එකකුත් තියෙනවලු ඈ.

    ReplyDelete
  24. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අනිවා.. වෙලාව තියෙන හැටියට ගේම දෙනවා..

      Delete
  25. මෙව්වා එකේ තියන ටික මං වගේ ගොබ්බයෙකුට හොඳට තේරැනා කියන්නේ ඕන එකෙක් මේක කියවලා බොගග් දායි.

    මේක කියවලා මටත් හිතුනා මාතෝ හා හා පුරා කියලා බොගග් දාන්න.

    ReplyDelete
  26. මටත් බ්ලොග් එකක් තියනවා. මාවත් එකතුකරගන්න. විස්තරටික fb එකෙන් කියන්න. fb-Ranathunga Rahk Hansi

    ReplyDelete
  27. හා හා පුරා කියලා මාත් බොගග් දැමමෝ...තැන්කූ මාතලන් අයියේ!
    maliyagesatahana.blogspot.com

    ReplyDelete
  28. මචන් මා තලන් . . . .බොග දාලා කීයක් හරි හම්බ කරගන්න ඇහැකෙයි . . . ඒවත් කියල දෙනවයි . . . උඹට පිනේ පින් මචෝ

    ReplyDelete
  29. ම බ්ලොග් අඩවියක් හදා පළකිරීමක් කළත් එය ගූගල් සෙවුම් ප්‍රතිඵලවල දිස් නොවන්නේ ඇයි? ලිපියේ ම නමින් සෙවුම් කළත්, යූ. ආර්. එල්. ලිපිනයෙන් සෙවුම් කළත් එය නොපෙනවන්නේ ඇයි? ලිපිය ඇත්තේ කටුසටහනක් ලෙසත් නොවෙයි. (saithmadu.blogspot.com)

    ReplyDelete

Followers

Total Pageviews