Thursday, January 30, 2014

ඇඟේ ගා ගන්නේ නැතිව බොග දැමීම - මාතලන්ගේ බ්ලොග් පාඩම් - 3 කොටස


පළමු පාඩම
දෙවන පාඩම

මහාචාර්ය තුමා පළමු පාඩමෙන් කියා දුන්නේ, හින්ගලෙන් බොගග් දැමීමට බොහෝ සෙයින් ඕනා වන, හින්ගලෙන් අකුරු කොටනා හැටිය. ගුරුතුමා කියා දුන්නේ "සින්ග්ලිෂ්" වලින් අකුරු කොටනා හැටිය. ඒකට මේ, දෙකයි පනහේ ආචාර්යවරු මහාචාර්යවරු තවත් හින්ගල කොටන්න පුළුවන් ඒවා ගැන, ලියා තිබුනාය. කොටන එකා මොකෙන් කෙටුවත් මට අවුලක් නැත්තේය. මට ඕනා හින්ගලෙන් කොටන උන් ටික වැඩි කොරා ගන්නය.

දෙවන පාඩමෙන් කියා දුන්නේ, ලැජ්ජා වෙන්නේ නැතිව බොගග් දානා හැටිය. හතර පස් දෙනෙක්, අළුතෙන් බොග වල් දමා තිබීම, ගුරාගේ අමන්දානන්දයටම හේතුවක් උනේය. අද කියලා දෙන්න යන්නේ ඇඟේ ගාගන්නේ නැතුව බොගග් දානා ආකාරයය. ඒ කියන්නේ අවුලක් නැතිව බොග දානා හැටිය.


ඒකට කොරන්න තියෙන්නේ කලින් පාඩමේ බොග දාන තැනටම ගොහිල්ලා, රතූ ඊතලෙන් පෙන්නා තියෙන බටන් බොත්තම් ගොඩේ තියෙන සෑව් (Save) බටන් බොත්තම ඔබා සෑව් කොට, ක්ලෝස් (Close) බටන් බොත්තම ඔබා, නෝන්ඩි නැතුව එතනින් මාරු වනා එකය.

එතකොට මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය.


ඒ එන මෙව්වා එකේ, රතු ඊතලෙන් පෙන්නලා තියෙන සැටින් (Settings) බටන් බොත්තම බය නැතුව ඔබලා දැම්මාම, මේන් මේ වගේ මෙව්වා එකක් ඊළඟට එනවාය.


ඊට පස්සේ සැටින්ග්ස් වල බේසික් කියනා බටන් බොත්තම එබුවාම ඔය රතු රවුමේ තියෙන මෙව්වා එක එනවාය.

එකේ ටයිටල් (Title) කියා එන්නේ, බොගේ නමය. ඒක ඔහේලා දැනටමත් දීලා ඇති නිසා එතන නාන්න යන්න ඕනා නැතිය.

ඊළඟට තියෙන්නේ, ඩෙස්ක්‍රිප්සොන් (Description) එක පුරවන්නය. ඔය මාතලන් බ්ලොගේ "හොරෙක්, මංකොල්ලකාරයෙක්, මංපහරන්නෙක්....ඒ වගේම දේශප්‍රේමියෙක්.." කියා ලියා තිබෙන්නේ, ඕක පාවිච්චි කොරලාය. එතන ඔහෙලා මොකක් හෝ නිර්මාණාත්මක වැකියක් දාගත්තාට මට අවුලක් නැතිය.

ඊළඟට ඔය රතු රවුමේ අන්තීමටම තියෙන, බොග් රීඩර්ස් (Blog Readers) කියනා එක පබ්ලික් (Public) ලෙසම තිබ්බේ නැත්නම්, හෙන අවුලක් වෙනවාමය. ඒ නිසා එතනත් නාන්න යන්නේ නැතිව, ඊළඟට වම් පැත්තේ බේසික් (Basic) වලට යටින් තිබෙනා, පෝස්ට් ඇන්ඩ් කොමෙන්ට්ස් (Posts and Comments) එබුවාම මේන් මෙහම මෙව්වා එකක් එනවාය.


මේක බොහෝම වැදගත්ය. සම හරක් නොව, ගොඩාක් උන් බොග ඇඟේ ගාගෙන නාන්නේ, මේන් මෙතන හරියට හදාගෙන නැති නිසාය. ඒ නිසා ගුරා පුරවා තියෙන ආකාරයටම පෝරමේ පුරවන එක ඇඟට ඉතා හොඳය.

රතු ඊතලෙන් පෙන්නා තියෙන තැන තියෙන, පෝස්ට්ස් (Posts) යටින් "Show at most" යනුවෙන් අසා තිබෙන්නේ, ළිපි කීයක් පළවෙනි පිටුවේ පෙන්වන්න ඕනද කියාය. ඔතන තීරණය කරන්නට වෙන්නේ තම තමන්ගේ කැමත්ත අනුවය. මාතලන් බොගේ නම්, ලෝඩ් උන ගමන්, පෝස්ට් පහක් තියෙනවාය, පෝස්ට් එකේ, එහෙම නැත්නම් ළිපියේ මද දුරක් යන කොට, "ඉතිරියත් කියවන්න.." කියා තියෙනවා, ඔහේලාට බලා ගන්න පුළුවන්ය. ඒක කොරන්නේ ළිපිය ලියන වෙලාවේ, ඕනා තැන පේජ් බ්‍රේක් (Page Break) එකක් දීලාය. ඒ ගැන වැඩි දුර පස්සේ කියා දෙනවාය.

මගේ ගුරාගේ බොගේ තියෙන්නේ එක පෝස්ට් එකකි.. ඒකත් ඉතා ලෙහෙසි පහසු කටයුත්තකි. එතකොට පේජ් බෙරේක් අරවා මේවා ඔනා නැත. කරුණාකර කතාගේ අඩවිය බලන්න.

ඊළඟට තියෙන්නේ, බොගේ ගඳ සුවඳ බලන උන්ගේ අදහස් උදහස් ලියන්න පුළුවන්, කොමෙන්ට්ස් සැටින්ග් (Comments) එකය. මෙතනත් බොහෝ දෙනෙක් නාන තැනක්ය. කොමෙන්ට්ස් ගැන වෙනමම ලියන්න හිතාන ඉන්නවාය. ඒ නිසා දැනට ගුරා කියනා ආකාරයට කරනා එක ඔහේලාගේ යුතුකමය.

ඔය කොමෙන්ට් ලොකේසන් (Comment Location) කියන එකේ, තව සිලෙක්සොන් තිබුනත් ඔය තියෙන එකම තිබ්බාම (Embedded) වැඩේ අහවරය.

ඊළඟට අහන්නේ මක්කුන්ට කොමෙන්ට් කොරන්න පුලුවන්ද කියාය. (Who Can Comment) මුලින් පටන් ගන්න එකෙකුට නම් කියන්නේ තියෙන්නේ ඕනම එකෙකුට කොමෙන්ට් කොරන්න ඉඩ ඇරලා ඇනි වන් (Anyone) කියන එක සැලෙක්ට් කොරන් කියලාය.

කොමෙන්ට් මොඩරෑසොන් (Comment Moderation) කියන එක නෙවර් (Never) තිබ්බාම, කොමෙන්ට් දාපු එකාට වචන වෙනස් කොරන්න බැරිය.

එහෙම කොරලා පේජ් ඩවුන් එකෙක් එබුවාම, මෙහෙම එකක් එනවාය.


ඊට පස්සේ එන්නේ, බොග දාන උන් හත් පොලේ ගාගෙන, නාගෙන, විනාස කොර ගන්නා, ඉස්තානයය. දෙයියන්ගේ නාමෙන් ඉල්ලා හිටින්නේ, මේ, සෝ වර්ඩ් වැරිපිකේසොන් (Show Word Verification) කියන මලදානේ නෝ (No) කොරන්නේයි කියලාය. මෙළෝ රහක් නැති බොගවල ගඳ බලනවා මදිවාට, කොමෙන්ට් එකෙක් දාන්න ගියාම, ගූ ගල් රාජයාගේ, මඤං අකුරුයි ඉලක්කමුයි ආයේ කොටන්න ගියාම, බොග දාපු එකාගේ අම්මා මතක් කොරලා නැවතුනොත් හොඳය.

ඊළඟට කොරන්න තියෙන්නේ, මුකුත් අනන් මනන් ලෙඩ දාගන්නේ නැතිව, අර රතු ඊතලෙන් පෙන්නලා තියෙන සෑව් සැටින්ග්ස් (Save Settings) බටන් බොත්තම ඔබා බොග දැමීමේ කාර්යය හොඳින් කොරගෙන යන එකය..

පන්තිය තව දුරටත් තිබෙනවාය.

හතරවන කොටසට >>>>

38 comments:

  1. මක්කුන්ට කොමෙන්ට් කොරන්න දෙනවද අහන්නෙ අපි වගෙ යක්කුත් කොමෙන්ට් කොටන නිසා වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. උඹලා මොන යක්කුද බන් උඹලා ඉටි පන්දම් එළියෙන් උනත් එළවන්න පුළුවන්.. ඒත් සම හරක් ඉන්නවා පන්දම් 100 ක් පත්තු කරලත් එළවන්න බැරි..

      Delete
  2. හිට්ස් කමෙන්ට්ස් පස්සේ දුවන්න ලියන්නේ නැතුව දාන බොගක් දාන එකයි වැදගත්.

    හිට්ස් කමෙන්ට්ස් තොග ගණන් ඕන නම් ක්ෂණික නුඩ්ල්ස් වගේ ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙන්න ඕන නම් මෙන්න උපදෙස් රෙපාගෙන්

    http://ape-ambalama.blogspot.com/2013/07/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. ලියන කියන එකෙකුට බොහෝ වැදගත් ඔවදන් ටිකක් දීලා තියෙන්නේ..

      Delete
  3. මාත් මේ හොද වෙලාවක් බලල අර වර්ඩ් වැරිෆිකේෂන් මගුල දාලා තියෙන උන්ට හොද දෙකක් කියන්නයි හිටියේ. මහාමාරියා තුමා හොදවැයින් කිව්ව නිසා මං ඕං කටවහගත්තා. අර දෙකයි පනහේ මහාචාර්යගේ සිංගල ටයිපින් එක ගැනත් ලින්කටුවක් දැම්මොත් නරකද

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ ඕක දාලා තියෙන බොගක් පැත්ත පලාතේ යන්නේ නෑ මම. අනික් එක ඇපෲ කරලා පස්සෙ දාන එක.. අහවල් වස්ත්‍රයක්ද බන්.. කුණුහබ්බයක් දාලා නම්, දැක්ක ගමන් මකලා දානවා..

      Delete
  4. තන්තෝෂයි මම කරලා තියෙන විදිය හරි දැනට...

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි ඔබගේ උපදෙස් මාලාවට , දැනට නම් හරි

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් වරදින එකක් නෑ..

      Delete
  6. කිරි ගහට මෝල් ගහෙන් ඇන්නා වගේ ලෙසටම දීල තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ආයේ අපි ලිව්වොත ලිව්වා තමයි..

      Delete
  7. ඔහොම යංකො. තව ටිකක් බලල මටත් එකක් හදාගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රසන්න අයියේ අලුත් එකක් ලිව්වට කමක් නෑ, මේ දැන් තියෙන එක දවස ගානේ අප්ඩේට් කරන එකනම් නවත්තන්න එපා හොඳේ

      Delete
    2. හදාගත්ත එකට මොකෑ උනේ..

      Delete
  8. //මෙළෝ රහක් නැති බොගවල ගඳ බලනවා මදිවාට, කොමෙන්ට් එකෙක් දාන්න ගියාම, ගූ ගල් රාජයාගේ, මඤං අකුරුයි ඉලක්කමුයි ආයේ කොටන්න ගියාම, බොග දාපු එකාගේ අම්මා මතක් කොරලා නැවතුනොත් හොඳය.// :D :D

    එහෙනම් ආයිබෝං සෑර්...! (එහෙමයි පන්තිය ඉවර වුනාම කියන්නෙ.. ඕක කියන්න ගිහින් පුංචි කාලෙදි දවසක් මං ගුටිත් කෑව..)

    ReplyDelete
  9. ඇඟේ ගෑවෙන්නෙ නැතුව බොග දාන්න යද්දි වටේ පිටේ ඉන්න සින්නෝ ඇවිත් බොග ඇඟේ ගෑවුවොත් ?

    ස්තුති !!

    ReplyDelete
    Replies
    1. අම්මා මතක් කොරලා බැනහන්... වෙන මක්කා කොරන්නෙයි කක්කා ගාන කොට...

      Delete
  10. God bless You Teacher....Thank you Teacher...
    (පීරියඩ් එකක් ඉවර උනාම අපි කියන්නේ ඔහොම තමා. )

    ReplyDelete
    Replies
    1. මම දන්නේ අදයි කොල්ලන්ටත් පීරියඩ් හැදිලා ඉවර වෙනවා කියලා..

      Delete
    2. මදැයි...හිතට ආපු එක ඔහේ ලියල දැම්ම...දැනුයි දැක්කේ එතන something else කියල.
      ****
      පෙර සඳහන් වූ මාගේ පොස්ටුවේ
      "පීරියඩ්" යන්න පාසල් කාල සටහෙන් කාල පරිච්ඡේදයට සමාන වන බව කරුණාවෙන් සඳහන් කර සිටිමි.

      Delete
  11. ඔව වර්ඩ්වෙරිෆිකේෂන් මලදානේ තමයි එපාවෙන්නේ රෙද්ද

    ReplyDelete
    Replies
    1. හත් මුතු පරම්පරාවෙම අම්මලා මතක් වෙනවා අටමෝ..

      Delete
  12. ගුරුතුමනි අලි ඇබැද්දියක් වුනා නෙව. මේ කැම්පස් සින්ඩියේ උදිනුයි යටිනුයි අසභ්‍ය සයිට් කීපයක් ඇඩ් වගයක් එනවනේ . කෙලියා තාප්පෙට උදේම පෝරියල් ලොරියයි මේවා නැති කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ඕක මම කොරන දෙයක් නෙමෙයි. ගූගල් දෙයියගේ වැඩක්.. මටත් කාලයක් තිබුනා.. දැන් ඒ ලෙඩේ නෑ..

      දන්න කෙනෙක් ඉන්නවානම් මේ ගැන අපිව දැණුවත් කරානම් බොහෝම අගෙයි..

      Delete
    2. ඕක ගූගල් කරන එකකුත් නෙමෙයි මං හිතන්නෙ. ඔය එක එක සොෆ්ට් වෙයාර් බාල ඉන්ස්ටෝල් කරනකොට ඒවත් එක්ක එන මොකක් හරි එකක්. මටත් සමහර වෙලාවට ඕක වෙලා තියෙනව.

      Delete
    3. ඉවාන්.. ප්‍රසන්න කියපු එක හරි වෙන්න ඕන. බ්‍රව්සර් ඒකෙ add-ons වලට ගිහින් බලපන් අවශ්‍ය නැති ප්ලගින්, එක්ස්ටෙන්ෂන් මොනවා හරි ඉන්ස්ටෝල් වෙලාද කියල. එහෙම නැත්නම් ඇඩෝන් එකෙන් එක ඩිසේබල් කර කර මේ පේජ් එකට ඇවිත් බලහන්. (..චන්දන... )

      Delete
  13. බ්ලොගර් බොග දාන වැඩේ ඉවරවුනාම, වර්ඩ්ප්‍රෙස් බොග දාන හැටිත් කියලා දෙනවාද මාස්ටර්?

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුනොත් ලියන්නම් මචෝ..

      Delete
  14. මෙලො දෙයක් නොදන්න මට වටිනව මේක මාරෙට

    ReplyDelete
    Replies
    1. එහෙම උන් ගැන හිතලා තමයි මේ ලියන්නේ පනේ...

      Delete
  15. හ්ම්ම්......... එලම කිරි

    ReplyDelete
  16. අම්මප පට්ට පට පට පට!!!!!!

    ReplyDelete

Followers

Total Pageviews