Tuesday, February 4, 2014

හැඩට වැඩට බොගක් දැමීම.. 4 කොටස..


පළවන පාඩම, දෙවන පාඩම, තුන්වන පාඩම

අද කියා දෙන්නට යන්නේ, ලස්සනට බොගක් දානා ආකාරයය. බොගක් දැම්මාට, ඒක දකින කෙනෙකුට ප්‍රිය නැත්නම්, එකෙක්වත් බලන්නේ නැතිය. ඒ වාගෙම තොරණ් වගේ ඒවාද, එකෙක්වත් බලන්නේ නැතිය. ඒ නිසා, අද කියලා දෙන්න යන්නේ, බොගේ නමට පිටිපස්සෙන් පින්තූරයක් දාගන්නා හැටිත්. බ්ලොගේ එල්ලා ගන්නා ඕන ගැජට් බැජට් ගැනත්ය.

බොගේ නම පැහැදිලිව බලන කෙනෙකුට පේන්නට ඕනාය. ඒ නිසා, පින්තූරයක් එල්ල නොගන්නා තරමට හොඳය. ඒත් ඉතින් "මාතලන්" බොගේ වගේ, පොඩි පින්තූරයක් දාගන්න නම්. ගොන්පීටරේ පින්තූරු වැඩත්, පවර් පොයින්ට් වැඩත්, පොඩ්ඩක් දැන ගන්නා ඕනාය. ඒ හන්දා, අද කියා දෙන්න යන්නේ, මහාචාරය තුමා දන්නා මයික්‍රො සොෆ්ට් අයියාගේ, මයික්‍රොසොෆ්ට් වලින්, බොගට ගැලපෙන ආකාරයට පින්තූරයක් බොගේ දානා ආකාරයය.

මේකට පත පින්තූර දාලා හරියන්නේ නැතිය. එතකොට බලපු ගමන් පෝස්ට් එකේ හෙඩිම පේන්නේ නැතිය. ඒ නිසා තීරුවක් වගේ පොටෝ එකක් දාගන්න කරන්න තියෙන්නේ, තමන් කැමති පින්තූරයක් මයික්‍රොසොෆ්ට් ඔපීස් පික්චර් මැනේජර් (Microsoft Office Picture Manager) මහතාගෙන් ඕපන් කර ගන්නා එකය. එහෙම කලාම මේන් මෙහම මෙව්වා එකක් එනවාය.


ඔකේ ඔය කොළ පාට ඊතලෙන් පෙන්නලා තියෙන ක්‍රොප් (Crop) කියනා වචනේ එබුවාම මේන් මෙහම එකක් එනවාය.


එතනදි පින්තූරේ වටේ ඉරි වගයක් එනවාය. ඒවා, මීයා ඔබාගෙන එහා මෙහා කලාම, තීරුවක් වගේ පින්තූරයක් විදියට හදා ගන්නට පුළුවන්ය. ගොන් කොල්ලෝ... මීයා කිව්වේ ගොන් පීටර්ගේ මීයාය. කෙල්ලෝත්.. වෙන වෙලාවක මීයා අල්ලා ගත්තාට මට අවුලක් නැතිය. මේ කිව්වේ ගොන් පීටර්ගේ මීයා ගැනය. ඊට පස්සේ කොළ පාට ඊතලෙන් පෙන්නා තිබෙන ඕ කේ (OK) බටන් බොත්තම ඕබා, කහ පාට ඊතලෙන් පෙන්නා තිබෙන එඩිට් පික්චර් (Edit Picture) බටන් එක ඔබා, සෑව් (Save)කොර ගන්නා එකය.


ඊට පස්සේ, බොහෝම අමාරුවෙන් දාගත්ත බොගට ගිහින්, ඔය රතු ඊතලෙන් පෙන්නලා තියෙන ඩිසයින් (Design) කියනා වචනේ එබුවාම, අපේ බොගේ සෙටින්ග්ස් එහෙම හදාගත්තු ඉස්කිරින් එක එනවාය. එකේ තියෙනා ලේ අවුට් (ලේ එලියට එන වැඩක් නෙමෙයි, බය වෙන්න එපා) (Lay Out) වචනෙට කෙටුවාම මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය.


මේ එන්නේ අපේ බොගේ ලේ අවුට් එක එහෙම නැත්නම්, බොග අනිත් අයට පේන ආකාරය හදා ගන්නා මෙන්ම, එක එක ගැජට් බැජට් එල්ලා ගන්නට පුළුවන් තැනය. බ්ලොගර් කාරයා එබවුට් මී (About Me) එහෙම නැත්නම්, තමන් ගැන විස්තරයක් දාන ගැජට් එකයි, බොගේ ලියපු පෝස්ට් ගැන විස්තර, එහෙම නැත්නම්, සියළු ළිපි ලැයිස්තුව එන බ්ලොග් ආකයිව් (Blog Archive) එකයි එල්ලලාම තියෙනවාය.

දැන් අපි අර කලින් හදා ගත්ත පින්තූරේ, බොගේ නමට පිටිපස්සෙන් එල්ලා ගන්නට, ඔය රතු ඊතලෙන් පෙන්නා තියෙන හෙඩර් (Header) කොටුවේ තියෙන එඩිට් (Edit) කියනා වචනෙට කොටනවාය. එහෙම කෙටුවාම මේන් මෙහම මෙව්වා එකක් එනවාය.


ඕන් ඔතන, ඔය කහ පාටයි, රතු පාටයි, ඊතලවලින් පෙන්නලා තියෙන ආකාරයට සළකුණු කරගෙන, ඔබන්නයි තියෙන්නේ නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන චූස් ෆයිල් (Choose File) කියන බටන් බොත්තම. එතනදි කොරන්න තියෙන්නේ අර හදා ගත්ත පින්තූරේ තියෙන තැනට ගිහින් ඒ පින්තූරේ ඕපන් (Open) කර ගන්න ඕනාය.


ඕන එතකොට, මේ වාගේ මෙව්වා එකක් එනවාය. ඒකේ තියෙන සෑව් (Save) බටන් බොත්තම ඔබා, වැඩේ අහවර කර ගත්තාට අවුලක් නැතිය.


ඊට පස්සේ එන්නේ, ඔය උඩ තියෙනවා වාගේ මෙව්වා එකක්ය. ඒකේ තියෙන සෑව් ඇරේන්ජ්මන්ට් (Save Arrangement) බටන් බොත්තම ඔබා, කහ පාට ඊතලේ තියෙන වීව් බ්ලොග් (View Blog) බටන් බොත්තම එබුවාම, කිරි ටික වාගේ අපේ බොග් රාජයා මේන් මෙහම එනවාය.


"මාතලන්" බ්ලොග් රාජයාගේ එල්ලා තියෙන්නේ, කුඩාම කුඩා පින්තූරයක්ය. දේශපාළණයේ නොම්මර එකේ බොග වන, පැරාගේ "W3Lanka" බොගෙත් ඇත්තේ, එයාගේ මූනත්තහඩුවේ කුඩා පින්තූරයක්ය. පැම්පස් සින්ඩියේ මෙන්ම.., බ්ලොග් ළොව දිග් විජය කළ "කතන්දර" තුමාගේ බ්ලොග් අඩවියේත්, කිසිම පින්තූරයක් ඇත්තේ නැතිය. "අරුණි ශපිරෝගේ" මෙන්ම, "මාරයාගේ" බොගෙත්, මෙළෝ දෙයක් නැතිය. එහෙම තියෙනා එක බොහෝම ලස්සනය. සිම්පල්ය, චාම්ය, අරකය, මේකය.

අනික, ඔය පින්තූරේ, බොගේ පළලට බැලන්ස් කරනා එකත්, බෝල බැලන්ස් කොරනවාටත් වඩා අමාරු කාරණයක්ය. ඒ නිසා, ඒක එල්ලා ගන්නා එක, නොගන්නා එක, බොග දාන එකාගේ කැමැත්ත අනුව තීරණය වෙනවාය.

ඊළඟට, ආයෙත් ඔය උඩ ඉස්කිරින් එකේ තියෙනා ඩිසයින් කියනා වචනෙට කෙටුවාම එන මෙව්වා එකේ, දකුණු අත පැත්තේ තියෙන, පළවෙනි ඇඩ් ගජට් වචනෙට කෙටුවාම, මේන් මේ වාගේ මෙව්වා එකක් එනවාය.


ඕකේ.. ගැජට් හැට හුටා මාරයි, තව පොඩ්ඩකුත් තියෙනවාය. ඒ ඔක්කෝම එල්ලා ගත්තොත්, බොග දාන්න හම්බ වෙන්නේ නැතිය. බොග ලෝඩ් වෙන කොට, බොගේ ගඳ සුවඳ බැලිල්ල කෙසේ වෙතත්, බලන එකාගේ, ඩොන්ගලේ බයිට් ටිකට කෙලවෙනවාය. ඒ නිසා, නිරපරාදේ බොග දාන එකාගේ අම්මාට හච්චිං යනවාය. ඒක අම්මලාට හොඳ නැතිය. ඒ නිසා ගැජට් දෙක තුනක් එල්ලා ගත්තාම හොඳටෝම ඇතිය.

අමාරුවෙන්, නමෝ විත්තියෙන්, බොග දාන එකෙක්, මේකේ තියෙන ගැජට්ටු වලින්, බ්ලොගර් දෙන ගැජට්ටු දෙකට අමතරව, ගූගල් ෆලෝවර්ස් (Google Followers), පොපියුලර් පෝස්ට් (Popular Posts) හා, තමන් කියවන බ්ලොග් ලිස්ට් (My Blog List) එකක් එල්ලා ගත්තාම හොඳටෝම ඇතිය. 

මේ ගැජට් පෙට්ටි, ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් (Drag and Drop) කරලා, ඒ කියන්නේ, මීයා ඔබාගෙන, එහා මෙහා කොරලා, ඔහේලාට ඕනා පිලිවලට හදා ගත්තාට, මගේ කොහේවත් කහන්න ගන්නා එකක් නැතිය. 
මේ පහල තියෙන්නේ එහම චාමෙට හදා ගත්ත, කිරි බන්ඩාගේ, එළකිරි වාගේ බොග් රාජයය. එයා තවම පෝස්ට් මුකුත් ලියලා නැතිය.


තමන් කියවන බ්ලොග් ලිස්ට් (My Blog List)

බොග දාන උන් අතර හොඳ හිත දිනාගන්න නම්, කොරන්න තියෙන්නේ, අනිවාර්යයෙන් තමන් ගඳ සුවඳ බලන බොගවල් බ්ලොග් ලිස්ට් එක එල්ලා ගන්නා එකය. "බ්ලොග් රෝල" කියන්නේද මේකටය. ඒකත්, මහාචාර්ය තුමා පෙන්වන ආකාරයට, බොහෝම සිම්පල් විදියට දාගත්තම ඇතිය.  මාරයාගේ බොගේ තිබෙන්නේත් එසේය. කතන්දරගේ බොගේ තිබෙන්නේත් එසේය. (කතන්දර තුමා බොග වර්ගීකරණයකට ලක් කර තියෙනවාද, ඔබට බලා ගත හැකිය. අළුත් උන් ඒවා කොරන්න යන්න ඕනා නැතිය.)

ගූගල් ෆලෝවර්ස් (Google Followers)

මේ ගූගල් ෆලෝවර්ස් කියන්නේ අළුත් ගැජට්ටුවක්ය. ඉස්සර, ජොයින් දිස් සයිට් (Join This Site) කියා ගැජට්ටුවක් තිබුනත්, දැන් ඒක පේන්නට නැතිය. මේක දා ගන්නා ආකාරය, දන්න එකෙක් අනිවාර්යයෙන් මෙතනම කියලා දෙනවා ඇතිය.

විශේෂ අවවාදය - Special Warning

අළුතෙන් බොග දාන උන්ට වැඳලා කියන්නේ, ඔය ගැජට්ටු අස්සේ තියෙන, බොග් ඉස්ටේටස් (Blog Status) කියනා ගැජට්ටුව නම්, පටන් ගන්නා කොටම එල්ලා ගන්න එපා කියලාය. මේක නිකන්, සිමෙන්ති කොට්ටයක් ඔළුව උඩ තියා ගත්තා වගේ වැඩක්ය. ඕක එල්ලා ගත්ත ගමන්, ටෝටල් පේජ්වීව්ස් (Total Page views) කියා මළදාන ගැජට් එක එනවාය. ඕක තමන්ට ඕනා නමකින් ඇඩිට් (Edit) කොර ගන්නත් පුළුවන්ය.

ඒත් ඉතින්, බොගේ ගඳ සුවඳ බැලුවේ කී දෙනාද කියා හැම එකාටම පේනවාය. බඩු නැති කඩේට හිඟන්නොත් එන්නේ නෑ වගේ, හිට්ස් 1000 - 2000, 100 - 200, තියෙන එකාගේ බොග බලන්න බල්ලෝත් එන්නේ නැතිය. මේක, සල්ලි දීලා ලෙඩ හදා ගන්නවා වගේ වැඩක්ය. හිසරදයක්ය, මානසික පීඩනයක්ය. මොකෝ, පුතග්ජන උන් හැටියට, අපි මේවාට කැමති නිසාය.

බලන උනුත් බොග බලනවාට වඩා, ඕවා බලන උන් නිසාය. වැඩියෙන් ඉන්නේ බොගේ ගඳ සුවඳ බලන උන්ට වඩා, ලියන්නේ මොකාද ?, කෙල්ලෙක්ද ?, කොල්ලෙක්ද ?, පොන්නයෙක්ද ?, හිට්ස් කීයද ?, අරකද මේකද...? කියා සොයනා උන්ය. මහාචාර්ය තුමා ඕක එල්ලා ගත්තේ, මට මතක හැටියට, හිට්ස් ලක්ෂයත් පැන්නායින් පස්සේය. ඒ නිසා දාගෙන ඉන්න උන්ටත් කියන්නේ, හිට්ස් අඩු නම්, ඔය මළදානේ ගලවලා දාන්න කියලාය.


ඔය උඩ තියෙන්නේ, W3Lanka ලියන, "පැරා" නොහොත්, "පැරකුම් ජයසිංහගේ", හිට් කවුන්ටරේය. මේ වගේ එකක් අස්සේ, අපේ ඒවා එල්ලා ගත්තාම, අපි නිකන් බලු වෙලාම යනවාය.

පන්තිය තව දුරටත් තියෙනවාය..

පස්වන පාඩමට >>>

55 comments:

  1. අපුරු ලිපියක්..

    ReplyDelete
  2. අලුත එන එව්වන්ට හොද ලිපි පෙලක්ය.
    මට නම් මේවා වැඩක් නැතිය.
    මගේ බොග ට වෙන්න ඕන ඒවා ඉබේ වෙනවාය.
    ඒකට පින කියන දේ පතා ආ යුතුය.
    මේකේ සම හරක් ඔස්තාර් ලට වැඩක් නැතිව ඇතිය.
    නොදන්නා එවුන් පව් නිසා දිගටම දැනුවත් කරපන්ය.

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද බූල් බල්ලෝ......

      Delete
  3. බොග සිම්පල්ව තියා ගන්න කියපු එක නම් එක හෙලා පිළිගනිමි.
    නැත්නන් බොගේට රිංගන එකාට රිංගන්න කලින් "අනේ දෙවියනේ සුපියල් පා ඉවර නොවේවා" කියලා දෙයියන්ට පඬුරකුත් ගැට ගසන්නට වෙනවාය. හි… හි… :-D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් සමහර ඒවා ලෝඩ් වෙන කොට, බයිට් ටිකට බබා හම්බ වෙලා...

      Delete
  4. //වැඩියෙන් ඉන්නේ බොගේ ගඳ සුවඳ බලන උන්ට වඩා, ලියන්නේ මොකාද ?, කෙල්ලෙක්ද ?, කොල්ලෙක්ද ?, පොන්නයෙක්ද ?, හිට්ස් කීයද ?, අරකද මේකද...? කියා සොයනා උන්ය.// අනේ බොරු නොකියා ඉන්ඩ මාතලන් අයියා.. මේකෙ නෑ එහෙම අය.. හැක් (හිනාව දේශකයාගෙන් ඉස්සුවෙමි)

    මං බොලොග්ගෙ අටෝ ගත්තෙ අවිධිමත් දැනුමකින්. ඉතින් මං බ්ලොගක් තියන එකෙක් වුනත්, අත්දැකීම් ඇති අයෙක් ලියන මේ ලිපි ටික මට සෑහෙන්න වටිනව.. ස්තුති වෙවා..!

    ReplyDelete
    Replies
    1. මොන අත්දැකීම්ද බන් ඔස්තාද්ලත් ඉන්නවා කියලා සම හරක් කියන්නේ..

      Delete
  5. පාඩම නම් එලකිරිය. මටනම් අර ගැජට් ලිස්ට් එකට ගියාම තියන සේරෝම බොගේ එල්ලාගන්ට ආසා හිතෙන්නේය.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එල්ලා ගත්ත උන්ට ගමේ කියන්නේ "සක්කරවට්ටම්" කියලාය.. ඉස්සර කිව්වේ... "තෝමබල් කරත්තේ.." කියලාය..

      Delete
  6. ගොඩක් මහන්සිවෙලා ලියලා තියෙනවා.ඒක අගය කරනවා .
    උඩට ෆොටෝ එකක් එල්ල ගද්දි ෆොටෝවේ උස සහ පළල බලන්න ඕනෙනේ ,, උස නම් තමන්ට ඕනේ ගානක් ඒත් ඕක සෙට් වෙන්න පළල හොයාගන්නේ මෙහෙමයි .. ලේ අවුට් එකට පහලින් තියෙන්නේ ටෙම්ලේට් --->CUSTOMISE-----> ADJUST WITH----> Entire blog කියල තියෙනවා එතන තියෙන පළලට හදපුවාම ගානට සෙට් වෙනවා ෆොටෝ එක බ්ලොග් එකට ,,
    මගේ එකේ නම් දැන් ටිකක් වෙනස් වෙලා මන් අනම් මනම් කරලා .ඒකත් හදන්න ඕනේ,,
    හිට් කවුන්ටර් එක මාත් එල්ලලා නැහැ .. ඕවර් විව් ගිහින් ට්‍රැෆික් අනම් මනම් බලනවා ඒ ඇතිනේ .

    ReplyDelete
    Replies
    1. ඒකෙන් හැදෙන්නේ මුළු බ්ලොග් එකේම පළල... ඒක ඊළඟ පාඩමෙන් කියා දෙනවා...

      Delete
    2. ඒ පළලට ගැලපෙන්න එහාට මෙහාට නොයන්න ෆොටෝ එකක් හදන්නේ ඒ සයිස් එක අනුව තමයි , හරියටම ගානට එනවා,නැත්නම් කැතයි ..මගේ එකේ වගේ වෙයි :)

      Delete
    3. එහෙම කරලා හරියන්නේ නෑ කෙල්ලේ. ඒකෙන් වෙන්නේ පින්තූරේ ගානට බ්ලොග් එක හැදෙන එක. එහෙම නෙමෙයි මයික්‍රොසොෆ්ට් පික්චර් මැනෙජර් එකෙන්ම පුළුවන්, පින්තූරේ බොගට හරියන්න හදාගන්න..ඉඳගෙන..


      තෙරුනයි...?

      Delete
    4. ආ එහෙමත් සීන් එකක් තියෙනවද ? මාත් එහෙනම් ඒ විදිය කරලා බලන්නම් ඉදගෙන තැන්කූ වේවා.

      Delete
  7. Thank you very much!!!!..අහරෙන් මෙහෙන් හොයාගෙන අටෝපු බ්ලොග් එක දැන් ඉතින් ටිකක් හරි පිළිවෙලකට හදා ගන්න පුළුවන්. සුපිරි ක්ලාස් එක. නිවැරදි සිංහල භාෂාවම USE කරන නිසා තේරුම් ගැනීම හරිම පහසුයි. Blog design එක ට revision පාරක් දීල බලමු.

    ReplyDelete
    Replies
    1. මග අරින්නේ නැතිව පන්තියට වරෙන්...

      Delete
  8. Replies
    1. අපි ලිව්වොත් එහම තමායි....

      Delete
  9. අර followers ගැජට්ටුව දැන් තියෙන්නේ add a gadget එබුවම එන එකේ other gadgets කියන කාන්ඩේ යටමය. බොහොම අමාරුවෙන් තමයි මමත් ඕක හොයාගෙන අටව ගත්තේ.

    ReplyDelete
    Replies
    1. හරියටම යන විදිය දැම්මා නම් තමයි වටින්නේ..

      Delete
    2. Add a gadgets පිටුවේ දෙවෙනියට තියෙන More gadgets ලිස්ට් එකේ තමයි තියෙන්නේ.එතන ගැජට් 870 තියෙන නිසා එකක් ගානේ ගිහින් හොයන්න කරදරයි.දකුනු පැත්තේ උඩ සර්ච් බොක්ස් එකේ Google friend connect කියලා දාලා සර්ච් කලාම ගැජට් 3 එනවා.පලවෙනි එක (members) ඇඩ් කරගන්න..

      Delete
    3. එළ.. ඒක මම ඊළඟ පාඩමෙන් කරන්නම්..

      Delete
  10. //මේ වගේ එකක් අස්සේ, අපේ ඒවා එල්ලා ගත්තාම, අපි නිකන් බලු වෙලාම යනවාය.//

    අම්මප එක නම් හැබෑව ඝ්හේ හෙහෙ හේ

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුය..

      Delete
  11. ගොඩක් වැදගත් ලිපියක්, මමත් බෝගට අලුත්, ඊලග පන්තියටද එන්නයි ඉන්නේ,

    ReplyDelete
    Replies
    1. දිගටම වරෙන්... දන්න ඔක්කෝම කියලා දෙනවා...

      Delete
  12. ඔය එක එක කෑලි එල්ල ගන්න උංට සමහරවිට ආපහු ඕව ගලෝගන්න හැටි අමතක වෙනවාය. එතකොට ඉතිං හතර වටිං ආධාර ඉල්ලන්න වෙන එක ශුවර් ය.

    ReplyDelete
    Replies
    1. මාත් කාළයක් තියෙන ඔක්කෝම එල්ලාගෙන හිටියේය.. ගොඩාක් දෙනෙක් කිව්වේ ගලවන්න කියලාය. අන්තිමට එකෙක් අම්මා මතක් කොරලා එව්වාය. එදා ඔක්කෝම ගලවලා දැම්මාය.

      Delete
  13. මාතලන් අයියේ මේ ලිපි පෙළ මම ලියන් ගත්ත දවස් වල දැම්මනම් කියලා වැඩක් නැතිය.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කිව්වා නම අහකය.. මේ කරන්නේත් කීප දෙනෙක්ගේ ඉල්ලීමය..

      Delete
  14. අපිත් එල්ලගෙන තියෙන්නෙ අඳුරේ අතපත ගානකොට හම්බවෙච්ච ඒවයි දැනුවත් කලාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දැණුවත් වෙන එකලු නේ මැරෙණකන් කොරන්නේ...

      Delete
  15. මචං......මගේ බ්ලොගේ...බ්ලොගක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය මූලික කරුණු ටික තියෙන බව හිතනවා. ඒ ටික හොඳටම ඇති නේද? මේ කියලා දෙන විදිහ නම් මර්වින් සිල්වා කියලා දෙන දේශපාලන පාඩම් වලටත් වඩා සරළය. හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. එකේ මුකුත් කරන්න එපා ඔහොමම ඇදගෙන පලයන් මචෝ... හැබයි.. උඹ බ්ලොගර් වලට ආවනම් ඔයිට වඩා පිරිස වැඩි වෙනවා අනිවාර්යයෙන්..

      Delete
    2. අනිවා අරූ ,බ්ලොග් වලට අවා නම් හරි ,එකෙන්ම අනුමත කරනවා ...

      Delete
  16. අනේ මගේ සුදු අයියේ ඔයා අපි ලියන්න පටන් ගන්න කලින් මේ ලිපි ටික ලිව්වේ නැත්තේ ඇයි සුදු මාතලං අයියේ. ඔයා ඒක කරල තිබ්බ නං අපි බොරු කටු කන්න ඕන නෑ නේ මයේ අයියේ..

    හිටි කවුන්ටරේ නැති එක තමා වඩා හොද . පස්සේ බැරියා ඒවා දාගන්න.. අනික ලැජජත් එක්ක අර කිව්වත් වගේ පැරාගේ එක දැක්කම අපේ ඒවා දාන්න.

    ලෙසටම ඇත.. උඹ මේ කරන්නේ අති විශාලම සේවයක්...

    ReplyDelete
    Replies
    1. අනේ මගේ මල්ලියේ.. මෙහෙම කියන කොට මම වගේ සන්වේදි අයියා කෙනෙක්ට ඇඬෙනවා මල්ලියේ. අපි හරි අහින්සකයි, රටක් වටියි, සුකෝමලයි. ඇයි මල්ලියේ මට මෙහෙම කලේ. ඇයි ඔයා ඒ කාලේ මට කිව්වේ නැත්තේ. අපි ඕන වෙලාවක උදව් කරන්න නේද මල්ලියේ ඉන්නේ. ඉටින් ඔයා ඔයා බොග හොඳට දාන්න මල්ලියේ. ඔයාගේ බොග හරි ගඳයි කියලා ඉඹින්න එන උන්ගෙන් පේනවා මල්ලියේ. එහෙනම් හැම දාම මාව බලන්න එන්න මල්ලියේ. මම ඔයාලට හරි ආදරෙයි මල්ලියේ..

      Delete
    2. අනේ සුදු අයියේ අපි ඒ කාලේ හිතාගන හිටියේ ඔයා මහ වස නපුරු ගෝනි බිල්ලෙක් වාගේ මාමා කෙනෙක් කියලා , සම හරක් කට්ටිය අපිට කියුවෙත් එහෙමයි , '' ඔය මාතලං කියන එකා එක්ක වැඩිය පවුරු පාසානමට යන්ඩ එපා , මහ අංගපුලාවකට නැති එකා '' ඔන්න ඔ‍ොම තමා එයාල කියු‍වේ , දැනට උනත් අපි ඔයාට හෙන බයයි

      Delete
  17. Microsoft names Priyantha Hewage (Maathalan) as new CEO, Co-founder Bill Gates to step down as ............

    මේ අද උදේ ආව අද දෙරණ මැසේජ් එකක කෑල්ලක් බන්ස්ලා

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු.. එහෙම සීන් එකක්ද..? ප්‍රියන්ත හේවගේ තිබුන නිසා සුවර්.. ඒත් මාතලන් කියලා එන්ගලන්තේ යට ඇඳුම් වගයක් නම් තියෙනවා.. මම හිතුවේ උන් මයිකෝ සොෆ්ට් එක ගත්තද කියලා...

      Delete
    2. Matalan කියලා ලොකු ශොප්ස් තියෙනවා බන්.

      Delete
  18. පරක්කු වෙලා පන්තියට ආවේ.මේ දවස් ටිකේ පට්ට සීතලේ කාන්තාරෙක හිටියේ.පාඩම නම් නියමෙට තේරුනා...

    ReplyDelete
    Replies
    1. ටිකක් වෙල අද ගහගෙන හිටහන්.. පරක්කු උන නිසා.. නැත්තන අනික් උන් හිතයි උඹට විසේස සැලකිලි කියලා..

      Delete
  19. මාතලන්ගේ පන්තියට සහබාගිවෙලා හදාගත්ත මගේ බ්ලොග් එකේ පලමු කොමෙන්ටුව මාතලන්ටම. අගේ කල යුතු ක්‍රියවක්, ගොඩක් ස්තුතියි.......

    ReplyDelete
  20. පේජ් වීවර්ස්ලා ගාන දැක්කහම බොග දාන එකත් එපා උනා.බෝග දැමිල්ල පැත්තක තියලා එක අයින් කරලා ආවේ මේ ඉස්තුති කොරන්න මන් එහෙනම් බෝග දාන්න යනෝ.බායි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට්ස් එවෙලෙම පබ්ලිෂ් වෙන්න දාන්න .. නැතනම් එන එකා එන්නෙත් නෑ..

      Delete
  21. ‍ඔන්න මාතලං සර්..අපිත් බ්ලොග් හැදුවෝ..පින සිද්ධ වෙච්චාවෙ

    ReplyDelete
  22. අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත නිසා මේ පාඩම් ටික පිලිවෙලට කියවගෙන යන ගමන්. මේ අතරින් පතර තියන හිනායන් කෑලි බෑලි නිසා එකදිගට අවධානය රඳව ගන්න තමා අමාරු :ඩී. මේ පාඩම කියවල ලැජ්ජාවෙන් ගිහින් මගෙ බ්ලොග් එකේ එල්ලල තිබුනු ටෝටල් පේජ්වීව්ස් ගැජට් එක ගලවල විසි කරා.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. අලුතෙන් එන අපි වගේ උන්ට මේවා හොද පාඩම්ය.කියලා දුන්නාට බොහොම ස්තූතිය

    ReplyDelete
  25. niyamai mathoo..boho pin obata..me podi case ekak tiyenawa bro..mark ge achchita pin siduwenna mage F bukiya disable karala..mokada karanne denna berida bokkenma sup ekak alee....

    ReplyDelete
    Replies
    1. me ballo tika machan aith e mail eka wath denne nene tawa ekak hadaganna..man yanawa yanna hisa arunu athe oya para..

      Delete

Followers

Total Pageviews