Tuesday, February 11, 2014

බොගේ පින්තූර ඇලවීම... 5 කොටස..



1 කොටස, 2 කොටස, 3 කොටස, 4 කොටස,

බොග් පන්තිය නැගලාම යනවාය. කීප දෙනෙක් බොග දාන්න පටන් ගත් නිසා, මල් මාමාගේ වගේ, මගේ ඉහේ මල් පිපිලාය. පහුගිය පාඩමේ කියලා දුන්නේ, බොගේ හෙඩිම (Heading), එහෙම නැත්නම් නමට පිටිපස්සෙන්, පින්තූරයක් (Image) එල්ලා ගන්නා හැටිය. ඒක ගොඩාක් දෙනෙකුට පල පරයෝජන වෙලා තියෙනවා කියා, කීප දෙනෙක්ම කිව්වේය.

අද ඉස්සෙල්ලාම කියා දෙන්නේ, බ්ලොග් ලියන කියවන අය අතරේ බොහෝම ජනප්‍රිය ෆලෝවර්ස් (Followers) ගැජට් එක එල්ලා ගන්නා ආකාරයය. මේ ගැජට් එක, ඉස්සර ඇඩ් ගැජට් (Add Gadget) දාපු ගමන් ආවත්, ගූ ගල් ෆලෝවර්ස් (Google + Followers) ගැජට් එක එල්ලුවයින් පස්සේ, වැඩිපුර එල්ලා ගන්නා ඕනා ගොඩට (More Gadgets) දාලාය.

මේ ගැජට්ටුව එල්ලා ගැනීමේ වාසිය නම්, රීඩරයෙන් (Reader), බොගවල් වල ගඳ සුවඳ බලන්න පුළුවන් එකය. අනික බොහෝ වේලාවට මේ සමාජය විශේෂයෙන්ම බොගටම (Bloggers) සීමාවුනු සමාජයක් නිසාය.

මේ තියෙන්නේ එහෙම එල්ලාගෙන ඉන්න "කතන්දරගේ සැට්" එකය.. එයාලා "කතන්දරගේ" රසික සමාජය කියා කීවොත් නිවැරදිය..


බ්ලොගර් ෆලෝවර්ස් ගැජට්ටුව එල්ලා ගැනීම (Add Followers Gadget)

මේ ගැජට්ටුව බොගේ එල්ලාගන්න නම්, ඉස්සෙල්ලාම කොරන්න ඕනා සැටින්ග්ස් (Settings) වල ඇඩ් ගැජට් (Add Gadget) කියනා වචනෙට, මීයාගෙන් කොටනා එකය..ඔය පහළ තියෙන්නේ එහෙම කොරගන්න ඕනා මෙව්වා එකය..


එතන කෙටුවාම මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය.


ආන් එතනදි... ඉස්සෙල්ලාම කොරන්න තියෙන්නේ, ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන විදියට මෝ ගැජට්ස් (More Gadgets) කියනා වචනෙට කොටනා එකය. එතකොට ඔය රතුපාට ඊතලෙන් පෙන්නලා තියෙන කොටුව එනවාය. ඒක අතුලේ මහාචාර්යතුමා ඉන්ගිරිසියෙන් ලියලා තියෙනවා වාගෙම ෆ්‍රෙන්ඩ් කොනෙක්ට් (friend connect) කියා ඉන්ගිරිසියෙන් ගහන්න ඕනාය. එහෙම ගහලා ඇන්ටර් (Enter) බොත්තමට කෙලියාම, මේන් මෙහෙම මෙව්වා එකක් එනවාය.


මේන් මෙහෙම මෙව්වා එක ආවයින් පස්සේ කොරන්න තියෙන්නේ, ඊතලෙන් පෙන්නලා තියෙන මැම්බර්ස් (Members) කියනා හරියෙ, කොටන්න පුළුවන් තැනකට කොටනා එකය. එහෙම කෙටුවාම මේන් එන මෙව්වා එක..


ඊට පස්සේ... ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන කොටසේ, ඔය තියෙනා විදියටම, මැම්බර්ස් කියා තියන්නත් පුළුවන්ය. ඒත් ඉතින්, බොගේ තීම් එක අනුව, තමන් කැමති එකක් හින්ගලෙන් ඔතනට දාගන්නත් පුළුවන්ය. මහාචාර්ය තුමා දාලා තියෙන්නේ, "සහ පිරිවර" කියලාය, 

කතා දාලා තියෙන්නේ, "බ්ලොගර් ෆලෝවර්ස්ලා" කියලාය.. තව එකෙක් දාලා තිබුනේ "පස්සෙන් එන පිස්සෝ" කියලාය. ඒ වගේ ඕනා බඩකඩුත්තුවක් දාගෙන, සෑව් (Save) බටන් එකා ඔබා සෑව් කොරලා, වීව් බ්ලොග් (View Blog) බටන් බොත්තම ඔබා, බොග දිහා බැලුවාම, තොටළඟ තොරන් රාජයාගේ පළවෙනි කොටුව වගේ මේන් මෙහෙම පේනවාය.


බොගට පින්තූරයක් එල්ලා ගැනීම (Add Image)

දැන් ඉතින් ඒ මළදානේ ඉවරය. දැන් කියලා දෙන්න යන්නේ ගොඩක් උන්ට ලෙඩක් වෙලා තියෙනා කේස් එකක් ගැනය. මේක දාන්නා කියලා, කීප දෙනෙක්ම ඉල්ලලාත් තිබුනේය. එහෙම බැලුවාම මේක නිකන් අසන්නන්ගේ ඉල්ලීම ඉටුකිරිමක් වගේ, ආතල් වැඩක්ය. මේ කියලා දෙන්න යන්නේ ලින්ක් (Link) එකකට, පින්තූරයක් (Image) එල්ලා ගන්නා හැටිය.

දැන් ඔය සින්ඩි තිබුනාට, සමහර සින්ඩිවලටත් වඩා හිට්ස්, සමහර බොගවල් වලින් එනවාය. මට එහෙම වැඩියෙන්ම එන්නේ "කතන්දරගේ" එකෙන්ය. ඉතින් "කතන්දර" සින්ඩියක් නොවුනත්, මම, සින්ඩි අතරේ කතන්දරගේ පින්තූරයක් එල්ලාගෙන, එතනට ලින්ක් එකක් දාලා තියෙනවාය. 

අනික ඉතින් ඇච් ටී ඇම් ඇල් (HTML) සහ ජාවා ඉස්කිරිප්ට් (Java Script) ගැන, මෙළෝ දෙයක් නොදන්නා මහාචාර්ය තුමාගේ සින්ඩියටත්, අර කිව්වා ජාතියේ එකක් නැතිය. ඒ නිසා, ඒක හරි, වෙන පිතූරයක් හරි එල්ලාගෙන, ලින්ක් එකක් දාන්න ඕන එකෙක්, ඉස්සෙල්ලම කොරන්න තියෙන්නේ, ඇඩ් ගැජට් (Add Gadget) එබුවාම එන කොටුවේ, ටිකක් පහලට ගියාම, එන ඉමේජ් (Image) කියනා එකට, කොටනා එකය.


ඒකට කෙලියාම, මේන් මේ වගේ මෙව්වා එකක් එනවාය..


දැන්.... ඔය සෑර් පෙන්නලා තියෙන්නේ, ලංකාවෙ නොම්මර එකේ සින්ඩිය කියා මුලු ළෝකෙම පොරසිද්ද, "මාතලන්ගේ සින්ඩිය", තමන්ගේ බොගේ එල්ලා ගන්නා ආකාරයය. ඒක එල්ලාගන්නා එක, නිකන් මදිකමක් වගේ හිතෙනවානම්, ඔහේලා කැමති, ඕන රෙද්දක් එල්ලා ගත්තාට මට කමක් නැතිය. හැබැයි ඉතින් ඒ රෙදිත් එල්ල ගන්න වෙන්නේත් මේ ආකාරයටමය.

ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන ටයිටල් (Title) කියනා තැන, ඔහේලා එල්ලන පින්තූරේ මොකක්ද කියා, හැඩිමක් දෙන්න පුළුවන්ය.

ඊළඟට දාන්න යන ලින්ක් (Link) එක කොපි (Copy) කරලා, ඔය රතු පාටෙන් පෙන්නලා තියෙන, ලින්ක් (Link) කියන කොටුවේ අලවන්න (Paste) ඕනාය.

එයින් පස්සේ, ඔය අන්තීමට තියෙනා, කොළ පාට ඊතලේ තියෙන තැන තියෙන, ෂ්‍රින්ක් ටු ෆිට් (Shrink ti fit) කියනා කොටුව ක්ලික් කොර ගන්න ඕනාය. එතකොට අපිට ඕන විදියට නැතිව, ගූගල්ලාට ඕන විදියට, ලස්සනට, පින්තූරේ සැට් වෙනවාය.

ඊට පස්සේ... නිල් පාට ඊතලෙන් පෙන්නලා තියෙන, චූස් ෆයිල් (Choose File) බටන් බොත්තම ඔබා, ඔහේලා කැමති පින්තූරේ සිලෙක්ට් කොරගෙන, ඇඩ් කර ගන්න ඕනාය..

එහෙම ඇඩ් කොර ගත්තාම මේන් මේ වගේ, ගිනි ගින්දර වගේ දිස්වෙනවාය.


එයින් පස්සේ, ඔය තැඹිලි පාට සැව් (Save) බටන් බොතම ඔබා, ඊට පස්සෙ එන ඉස්කිරිමේ, සෑව් ඇරෙන්ජ්මන්ට (Save Arrangement) බටන් බොත්තම ඔබා, වීව් බ්ලොග් (View Blog) ගිහින් බැලුවාම, මහා බොග් රාජයා, මේන් මේ වගේ බොහෝම සුන්දර ආකාරයට පේනවාය.


ඇච්.ටී.ඇම්.ඇල් සහ ජාවා ඉස්කිරිප්ට් එල්ලීම (Adding HTML/Java Script)

සමහරක් අයගේ සින්ඩි, එතකොට ඔය බ්ලොග් ගේට්ටු, ආධාර උපකාර ඉල්ලීම් වගේ ඒවට, වැඩ කාරයෝ ඇච් ටී ඇම් ඇල් කෝඩ් (HTML Code) එකක් හදලා, ඒක අලව ගන්න කියලා කියනවා. ආන් එහෙම කිව්ව වෙලාවට කොරන්න තියෙන්නේ, ඒ දීලා තියෙන කෝඩ් එක කොපි කර ගන්න එක. 

ඒක කොරන්නේ මෙහෙමයි.. අර කලින් වගෙම, ඇඩ් ගැජට් (Add Gadget) වලට කොටනවා, එහෙම කෙටුවාම එන කොටුවේ, ටිකක් පහලට යනකොට, මේන් මෙහම මෙව්වා එකක් එනවා.


ආන් ඒකෙ කොළ පාට ඊතලෙන් පෙන්නලා තියෙන "(HTML/JavaScript)" හරියේ කෙටුවාම, මේන් මේ වගේ මෙව්වා එකක් එනවා..


ඒකේ... ඕන් ඔය් කොළ පාට ඊතලෙන් පෙන්නලා තියෙන තැන, සින්ඩියේ නම හරි, ඉවෙන්ට් එකෙ නම හරි, මොකක් හරි ලියලා, අර කලින් කොපි කර ගත්ත, ඇච් ඇම් ටී ඇල් කෝඩ් එක (HTML), ඕන් ඔය කහ පාට ඊතලෙන් පෙන්නලා තියෙන කොටුවේ අලවලා (Paste), සෑව් (Save) බටන් බොත්තම ඔබලා මාරු වෙන එකයි..

අදට එපමණයි.. පන්තිය තව දුරටත් පැවත්වේ..

31 comments:

  1. අපි වගේ තාක්ශණික දැනුම අඩු නෙමේ නැත්තටම නැති උන්දැලට ගොඩක් වටිනවා මාතලන් අයියෙ.

    දැනුවත් අයට උනත් තම දැනුම ආයෙ මතක් කර ගන්න බැරියෑ.

    තෑන්ක් යූ සෑර්……

    ReplyDelete
  2. නියමයි ,මේ දක්වා ටික කියෝපු කෙනෙක්ට කිසි ගේමක් නැතුව වැඩ ටික කරගන පුළුවන්,,, දුරාචාර්ය මාතලන් ඔබේ සේවය ඉතාම උත්කෘෂ්ටයි ..

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය කියන කෑල්ල හරියට ටයිප් වෙලා නෑ..

      Delete
    2. දෙන්නා ගැනම ලැජ්ජයි

      Delete
    3. ඉතින් අපිට ගානක් වත් නැහැනේ

      Delete
  3. හ්ම්ම්....ඔබේ මේ සේවාව අගයමි.

    ReplyDelete
  4. උඹට ගොඩක් පිං මාතලන් ගොයියෝ උඹ මේ කරගෙන යන සත් ගුණවත් කිරියාවට. උඹට මෙවැනි යහපත් කටයුතු කිරීමට ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය පින් මචෝ මේ ආත්මෙම පලදෙනවනම් අවුලක් නෑ.. මොකෝ මම මේ ආත්මෙම නිවන් දකිනවා..

      Delete
  5. දැන් මම ටෙනිසන් කූරේ කියනවා වගේ....ගොන් ප්‍රශ්ණයක් අසා වෘෂභ උත්තරයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙමි. මෙන්න ප්‍රශ්ණය....
    ඔය උගන්නන සිලබස් එක වර්ඩ්ප්‍රෙස් සිස්ටම් එකට අදාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. කිසි සේත් අදාල නැත ටෙනී...

      Delete
  6. Replies
    1. මේ ආත්මෙම පලදුන්නා නම් තමා වටින්නේ..

      Delete
  7. මේ පාඩමේ සමහර දේවල් නම් සීනියර් බැච් එකෙන් අහගෙන ගොඩ දාගෙන හිටියේ..ඒත් ලෙක්චර් එක නියමෙට ඔලුවට වැදුනා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සීනියර්ස්ලා හා මහාචාර්යවරයකු අතර වෙනස..

      Delete
  8. එලම තමයි.. බොග් පන්තිය දිනේවා !

    ReplyDelete
  9. ෂාහ් අද ක්ලාස් එක කට් වුනානේ ..?

    ReplyDelete
  10. එල කොල්ලෝ..! ඔහොම යං ගුරුමුෂ්ටි නැතිව..!

    ReplyDelete
  11. මාතලන් උන්නෙහේට පින්ය
    බොගයක් දැමීමට ලොකු එකෙන්ම හිතාගෙනා කොම්පීතරේ ගාවට ආවට මෙලෝදෙයක් මන්දන්නේ නැත. ගොයිතැන් කොරන මට මොන බොග්දැයි කුඩා අන්ත්‍රයේ සිට කොලබොකුවටම තේරුනත් මාතලන් අයියලාගේ එව්වා දකිද්දී කිතිකැවෙන ගතියක් ආවය.. උන්නැහේ කොටා තිබු පිලියෙලටම මාත් වැඩේ කොරාගෙන කොරාගෙන ගියාය. මේකේද පට්ටම ලලයක් ඇත වැඩ කරයෝ මේවාට හිනාවෙන්නේ නැත උන්නැහේලා මෙව්වාට හෙලුප් දෙනුවාය. ඒත් සම හරක් උම්බැ කියන්නත් බැරි නැත.පොඩිවිජේට වෙඩි වදින්නේ නැත ඒත් පොල්ලෙන් ගහනවා උහුලන්නට බැරිය.. මාතලන් උන්නෙහේට පින්ය

    ReplyDelete
    Replies
    1. පොඩි විජේ......උඹ ලියපන්.....උඹට ලියන්න හැකි බව හිතෙනවා...උඹට ජය!!!!

      Delete
    2. මොකා මොනවා කිව්වත්, කරන්න තියෙන්නේ, දිගටම ලියාගෙන ලියගෙන යන එකය..

      Delete
  12. මොනවා උනත් අමු හිංගලෙන් ලියල තියන හැටි අගේය කෝකෙන් කිව්වත් අපේ උන්ට තේරෙන්නේ දන්නා සිංහලෙන් කිව්වමය ඒ හින්දා උන්නැහේට පින්ය.අවසාන වසයෙන් මරේ මරුය පට්ට පට පට ය ආනන්දයෙන් ප්‍රඥාවට පාඨකයා ගෙනයෑමට ඔබ දැරූ උත්සහය 200% සාර්ථක බව නොකියාම බැරිය මේවගේ මෙව්ව එකක් බලා නිකංම යන එක නිකං ඇට්ටෝං ගෙදර ගෙහුං බඩ පැලෙන්න කාලා ඇනලොප් එකක් නොදී ලිස්සලා යනවා වගේ බලුම බලු වැඩක්ය අන්න ඒක හින්දා මගේ මේ කොමන්ට මෙව්වා එක මෙකන කොටමි ජයවේවා කියාද පතමින් මම නවතිමි.

    ReplyDelete
    Replies
    1. රාජපස්ස කෙනෙක්ගෙන් නිසා පොඩ්ඩක් ගැස්සිලා ගියා....

      Delete
  13. මාතලන් සර්..ඔන්න අපිත් බ්ලොග් හැදුවෝ..පින් සිද්ද වෙච්චාවෙ!

    ReplyDelete
    Replies
    1. පින් නම් වැඩක් නෑ.. ඔය කීයක් හරි එකවුන්ට් එකට දාහන්...

      Delete
  14. බොහොම පින් මාතලන්,
    මගේ බ්ලොග් එකත් මේ ක්ලාස් එකේ ප්‍රතිපල තමා. උදව් කල ය අතර කකා, මාතලන්,අපුර්වි වගේ අය ඉන්නවා. තව අඩුපාඩු ටිකක් තියෙනවා හදාගන්න. http://kumageketikatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ...

      කොමෙන්ට්ස් හිට්ස් ගැන නොහිතා දිගටම ලියපන්...

      Delete

Followers

Total Pageviews