Thursday, November 28, 2013

හඳුන්වාදීම


සිංහලෙන් බ්ලොග් ලියන්න, කොළඹ කැම්පස් එකෙන් හඳුන්වා දුන් සිංහල යුනිකේත ඉවහල් නොවුණා කියනවනම්, ඒක බොරුවක්. ඒනිසා අප කල්පනා කළා, ඔවුන්ටත්, සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියටත් කරන උපහාරයක් ලෙස, කැම්පස් සින්ඩියක් නමින් සින්ඩිකේටරයක් ආරම්භ කරන්න.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.

ආරම්භ කිරීමට හේතුව..?
බ්ලොග් කියන්නේ අද ලෝකයේ ඉතා ජනප්‍රියම ජනමාධ්‍යවේදය. පුරවැසි මාධ්‍යකරණයේ කැඩපත. ඔබත් දන්නවා ඇති මලාලා ප්‍රසිද්ධියට පත් වුණේ කුමක් හේතුවෙන්ද කියා. කැම්පස් කියන්නේ, අනාගත නායකත්වය මෙන්ම අනාගත නිර්මාණකරුවන් බිහිවන ස්ථානය. නමුත් අද ඒකේ විශාල අඩුවක් පේනවා. අපි හිතන ආකාරයට විශ්ව විද්‍යාල අතර මෙන්ම, ශිෂ්‍ය ප්‍රජාව අතරත් සන්නිවේදනයේ විශාල හිඩැසක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, එම පරතරය නැති කිරීමේ පාලමක් වෙන්න.

ඉතින් මේක සාර්ථක වෙයිද..?
ඒක තියෙන්නේ බ්ලොග් ලියන කියවන සියලු දෙනා අතේ වගේම, විශ්ව විද්‍යාල ප්‍රජාව අතරේ. අපි හිතනවා මූණූ පොතට වඩා යමක්, මේ තුළින් සිඳු වේය කියා.

එතකොට මොනවද ලියන්නේ..?
ලියන්නද දේවල් නැත්තේ. තමන් ඉගෙන ගන්නා විෂයයන් පිළිබඳ දැනීම සමස්ත සමාජය හා බෙදා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම අද තියෙන විශාල අඩු පාඩුවක් තමයි, නිදහස් සිතුවිලිවලට, චින්තනයන්ට, අළුත් මතයන්ට තැනක් නොමැති කම. ඉතින් ඔබේ රැඩිකල් අදහස් අන් අය හා බෙදා ගැනීමේ හොඳම දෙයක්, තමන්ගෙම බ්ලොග් එකක් කිරීම.

එච්චරද...?

නෑ... ඇයි එතකොට, කළා උත්සව, උපාධි උත්සව, විශේෂ දක්ෂතා, ජයග්‍රහණ, ඔය පොඩි පොඩි ඉවෙන්ට් ගැන දන්වා එව්වාම, ඒ ගැන පෝස්ට් එකක් දාලා පබ්ලිසිටියක් දෙන්නත් පුළුවන්නේ..

එතකොට අනික් උන්ට හුළංද....?
ඒක ඇත්ත. කැම්පස් යන්න හම්බ වෙන්නේ කී දෙනෙකුටද.? එක මාර්ක් එකකින් යන්න බැරි උන අයත් ඉන්නවනේ.. ඉතින් එයාලව අමතක කරන්නේ නෑ.. අපි බලාපොරොත්තු වෙනවා, අනෙකුත් සියළුම සින්ඩි වලින් තෝරාගෙන.., අන් අයගේත් සහයෝගය ඇතිව, එයාලටත්, "හොඳම", "ජනප්‍රිය" මෙන්ම, "හොඳම අළුත් බ්ලොග් අඩවිය" ටත් සම්මාන හා ත්‍යාගයන් ලබා දෙන්න..

එතකොට කොහොමද සෙට් වෙන්නේ...?
campuscyndi@gmail.com ළිපිනයට, ඊ තැපෑලක් දැම්මාම වැඩේ හරි. දාපු ගමන් බඩු..

කොන්දේසි එහෙම තියෙනවද...?
ඒවා ඉතින් සිණ්ඩියටම ගිහින් මෙතනින් බලා ගන්නකෝ.

බොහොම ස්තූතියි...!!!

35 comments:

  1. සුපිරි අදහසක්නේ

    ReplyDelete
  2. ඉතාම හොද වැඩක් ,, අපිත් එකතුවෙන්නම් ,,කැම්පස් නම් දැකලවත් නැහැ ,,, මගේ කැම්පස් යන යහළුවන්ව මේකට යොමු කරන්නම් උදවුවක් විදියට ,,මගේ සුබ පැතුම් හදවතින්ම , දිගටම සාර්ථකව කරගෙන යන්න

    ReplyDelete
  3. ඉතාම හොද වැඩක්. ප්‍රයෝජනවත් සංවාද ඇතිවන තැනක් වනවා නම් හොදයි. දැණුම විනෝදය මෙන්ම සංවාද හරහා යමක් ඔලුවලට එක් කරන තැනක් වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  4. කෝ තාම මුකුත් නෑනේ

    ReplyDelete
  5. අරමුන නම් හොදා. . .ලිපි තමා වැදගත්

    ReplyDelete
  6. වෙල්ලස්ස, නැගෙනහිර යාපනය නම් ටිකත් උඩ ලැයිස්තුවට එකතු කළානම් තවත් අපූරුයි!

    ReplyDelete
  7. ඔන්න ඇතුල් වෙන්න ඊ මේල් එකක් එව්වා. :) :)
    බොහොම ස්තුතියි ඒ වගේම සතුටුයි මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන.

    ReplyDelete
  8. සිංහල බ්ලොග් අවකාශයට අවශ්‍ය තව තවත් ලියන්නන් සහ කියවන්නන්.

    තවත් සින්ඩිකේටරකින් වැඩක් වෙන්නේ අළුතින් පාඨකයින් ආකර්ශනය කර ගත හැකිනම් පමණයි.

    මෙතනට එන්නෙත් කලින් අනිකුත් සින්ඩිකේටර් වලට ගිය පිරිසෙන් කොටසක්ම නම් තේරුමක් නෑ.

    මේ සින්ඩිකේටරය ගැන දැනට බ්ලොග් නොකියවන පිරිස් අත‍ර ප්‍රචාරක වැඩ කරන්න. වසරකට නවක සිසුන් 30,000 පමණ එනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ තිස් දහසෙන් දස දහසක් දෙනෙකුට මේ සින්ඩිකේටරයෙන් සිංහල බ්ලොග් ගැන හඳුන්වා දීමටත් එමගින් අළුත් සිංහල බ්ලොග් අඩු තරමින් තුන් සීයක් ඇරඹේවා කියාත් පතමි.

      ජයවේවා.

      Delete
    2. තුන්සීයක් ඕන නෑ හරියට කරන 30ක් ආවත් ඇති.

      Delete
  9. හොද වැඩක්..
    මම කැම්පස් ගොස් ඇත...
    වැස්සට
    සහ
    බයිස්කෝප් වලට....

    ReplyDelete
    Replies
    1. මම ගිහිල්ලා තියෙනවා නාට්ටි බලන්නයි, චිත්‍රපටි බලන්නයි....කොළඹ වෛද්‍ය විද්‍යාල කැන්ටිමේ ප්ලේන්ටි ගහන්නයි...බිලියඩ් ගහන්නයි.

      කැම්පස් සින්ඩිය දිනේවා!!

      Delete
  10. කතන්දරගේ අදහසට එකඟයි. ඔබ යෝජනා කළ පරිදි මේ සින්ඩිකේටරය ගැන සමාජය දැනුම්වත් කීරීමේ සැලසුමක්ද ඇඩ්මින් වරුන් සකසා ඇත.

    ReplyDelete
  11. ඊයක් යැව්වා ඔන්න මමත්!

    ReplyDelete
  12. පුළුවන් තරම් යාළුවන්ට කියන්නම් අපිත්

    ReplyDelete
  13. එතකොට පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගිය අයට තැනක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපි බලමු පිළිතුර ... අපේක්ෂාවෙන් හිඳිමු...

      Delete
  14. Replies
    1. මේ වගේ අය කොහෙද නැත්තේ..

      අපිට තවත් මේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධිය අවශ්‍ය නෑ..

      අවශ්‍යතාවය ඇත්තේ කාටදැයි පැහැදිලිව පේනවා.

      බ්ලොග් එක ලියලා කොමෙන්ට්ස්සුත් දාලා තියෙන්නේ..

      ඔබේ අදහසට ස්තූතියි.

      Delete
  15. කකා කියලද කොහෙද, ඔව් ඔව් කියල. ජය වේවා

    ReplyDelete
  16. මම කැමතියි සිංහල බ්ලොග් අවකාශය මීට වඩා ව්‍යාප්ත වෙනවට. ඒක විශ්ව විද්‍යාල සිසුන් වගේ බුද්ධිමත් පුද්ගලයින්ගෙ අදහස් එක්ක දැනට තියෙන බ්ලොග් අවකාශයට වඩා යමක් එකතුවෙයි කියලාත් හිතෙනවා. රටක තරුණ පරපුර හෙට දවස බාර ගන්න අයගේ අදහස් බොහෝම වටිනවා. ඒත් ඇකඩමික් නොලේජ් වගේම අර තිසර කොහෙද කීවා වගේ හැම අංශෙකම දැනුම යොදාගන්නවා කියන හැඟීමත් වැදගත්. මේ වෙද්දි සිටිසන් ජර්නලිස්ම් කියන්නේ මේ බ්ලොග් වලට. රටක අනාගත්ටය තීරණය කරන්න පවා පුළුවන් දෙයක් තමයි බ්ලොග් ලිවීම. එය ප්‍රමිතියකින් පවත්වා ගෙන යන්නත් උනන්දු වෙනවා නම් අගය කළයුතුමයි.
    Long life campus syndy

    ReplyDelete
  17. හොරු රැල තවත් ගේමක් දෙන්න සෙට් වෙනවා වගේ, හොරු සමග හෙළුවෙන් තමයි ඉතින්..

    ReplyDelete
  18. නියම වැඩක් අපි එකතු වෙලා රටේ ගමනට අලුත් මාවතක් පෙන්වලා දෙමු.

    මෙතන අනික අයටත් සම්මන දෙන්න හිතපු එක වටිනවා. මොකද ලන්කාවෙ තක්ෂණයේ දියුනුවට ඒ අයත් ලොකු දෙයක් කරනවා..

    ReplyDelete
  19. ඔන්න මාත් ඊයක් යැවුවා

    ReplyDelete
  20. Posts update වෙන්නෙ නෑනේ..

    ReplyDelete
  21. මේ නැගෙනහිර යි ඌව වෙල්ලස්ස කවුරුත් නැත්ද ????

    ReplyDelete
  22. //අනාගත නායකත්වය මෙන්ම අනාගත නිර්මාණකරුවන් බිහිවන ස්ථානය.//

    ඇත්තමද?

    ReplyDelete

  23. 03/12/2013 - 10:19 AM
    කැම්පස් කොල්ලා
    ආදරණිය මා තලං ගොයියා වෙත ලියමි..

    සදා ආදරණිය මා තලං…

    උඹට මා මේ ලිපිය ලියන්න ලියන්නට පලමුව දෙදණ නළලේ හොවා පොලෙවෙ පස් කා අචාරය පුද කර සිටිමි. ඒ මන්ද යත් උඹ විසින් ලගදි අප වෙත ලබා දුන් නවතම කැම්පස් කින්ඩියට ආචාරය පුද කිරීමක් වශයෙනි. මෙම කරගනු ලැබුවා වූ මහා කුසල කර්මයෙන් සිරි සමන්ත බද්‍ර හිමි බුදු වූවාට පසු ආත්මයේ උඹට බුදු බව ලැබීමටත් නලින් සහ වෙදා සැරියුත් මුතලන් අගසවු දෙනම වෙන ලෙසත් , දත් අතර රැදි අවසන් පස් කුට්ටියද විකා දමා මා ප්‍රාර්ථනා කර සිටින්නෙමි.

    අපි කැම්පස් ගියාට අපි විදිනා දුක අර කලු ලේබල් වැඩි අටපාස් පඩත්තරයන්ට නොවැටෙහෙනා බව මා හොදින් දනිමි. උන් දන්නේ කාට හෝ මඩක් ගසා ලංකාවේ සංකෘතිය විනාස කිරීමටය. ඉස්සර කාලෙ විස්ස විජ්ජාලෙ ගිය පුතා එනකං අම්මලා මුළු ගමම එකතු කරං බලං හිටියලු. ඒකට මෙදා පාර ස්ටයික් එකට මං ගෙදර යද්දි අම්මා කිව්වේ. ආහ්.. තෝ ආයෙත් ආවද විභාගෙ නොකර කියලාය.. අප්පච්චි කීවේ තොගෙ ඔය නාඩගම තව කොච්චර කල් තියනවාද කියාය.. මේවා අහං ඉද්දි හිතට දැනෙන දුක අර වගේ පඩත්තරයන්ට කවදාවත් තේරෙන්නේ නැත.

    ආයෙ කැම්පස් එද්දි විලියොන් මාමගෙ පොඩි එකා ලැන්ඩ් මාස්ටරයක් අරං ය.. ඌ මාව හංදියට දාගෙන එද්දිත් ඇහැවේ උඹ තව කොච්චර කල් පොත් උස්සං යන්නද කියලාය. ඌ අටපාස් එකා වෙච්චි මා හට තාම හරි හමන් හරක් බානක් වත් නොතිබීම හිතට වදයකි. අපෙ අප්පොච්චි නන් කීවේ උඹ ඉක්මනට ගෙදර වරෙන් ගොනා මැරිච්චි කරත්තෙට මාව බඳින බවය.

    මෙව්වා අහගෙන පොරක් වීමට හිතාගෙන මං බ්ලොග් කටුවක් අටවා ගත්තේය. එයටද නිසි තැනක් නොලැබීම ඊටත් වඩා කූරය. කිසිම එකෙක් මා කැම්පස් යැයි කීවාට ගනන් ගන්නේ නැත. අර කකා වැනි පස්තාච්චියක් තිබ්බා නන් කක්කා කතාවක් ගූ කතාවක් හෝ ලියන්නට පුලුවනිය.ඒත් කකා වන්ව ගූ මූණේ ගාගැනීමට හැම දෙනාටම නුපුලුවන.කැම්පස් යනවා කියා කෙල්ලෙක් දෙන්නෙක් ඉදිරියේ හෝ පොරක් වීමට මේ වනතෙක් කිසිම අවස්ථාවක් නොලැබීම මා හට බ්ලොග් අවකාශය එපා කරවීමට ………………………………………………………………………………………………………….

    මා තලං.උඹ අපි වගේ උගත් කැම්පස් කොල්ලො ලියපු එව්වාට සම්මාන දෙන්නට නූගත් ගැමියන් යෝජනා කිරීම මාගේ පුද්ගලික පිලිකුලට භාජනය වේ. එව මාගේ උගත් කම තනිකර හෑල්ලුවට ලක් කිරීමක් වැනිය. එවැනි නොහොබිනා යෝජනා කිරීමෙන් අපගේ මෙම උගත් කම හෑල්ලුවය ලක් කිරීම කිසි ලෙසකත් අනුමත කල නොහැකි බව මින් වැඩි දුරටත් දන්වා සිටිමි.

    ඉතින් මා තලං. මාව අර අලුත් කිංඩියට දාගන්න. මං දිගටම පෝස්ට් ලියන්නං. සත්තයි.. අත්තාපල් මුත්තාපල් රෑණ ගලේ කෙටුව වගේ මං වෙනස් වෙන්නෑ.. ඕං මං හැමදාම ලියනවා.. මට සම්මානයක් දෙන්න ඇ..

    කැම්පස් යන අපිට අලුත් කිංඩියක් දැමීම පිළිබද උඹට සම්මා සම්බුදු සරණ පතමින් මා මෙතනින් නවතිමි….

    මෙයට
    කැම්පස් කොල්ලා

    ReplyDelete
    Replies
    1. කෝ උඹේ අට මගල. ඉක්මනට එවහන්

      Delete
    2. යකෝ මු මොකද මේ අඩන්නෙ ...කෙල්ල නිකන් අහවල් එක මදි කි ව්වාවගේ නේ ...කෝ උඹේ අට මගල එල්ලපන් අපි එන්නම්

      Delete
    3. උඹේ කොමන්ට් එකම එල බං.
      ජයවේවා.,.,.,.!!!

      Delete

Followers

Total Pageviews